The Worst Person in the World ( 2021)
නෝර්වීජියානු සිනමාවට ඔස්කාර් දොර ඇරපු ලෝකයේ මෙලෝ කමකට නැති පුද්ගලයා !! ඔබ ජීවිතය වෙනස් කරගැනීමට අවස්ථාවක් ගැනීමට නම් ඔබ යම් තේරීමක් කල යුතු බව ජනප්‍රිය කියමනකි. මනුශ්‍යයා විසින් අත්‍යන්තයෙන්ම පැහැදිලි කරගත කරුණක් වනුයේද මේ තේරීම් හා තෝරා ගැනීම් පිළිබඳ සංදර්භයය්. ගතානුගතික ජීවන පැවැත්මට හෝ ජීවත්වන්නන් වාලේ කාලභෝජන ජීවිතයන් හට තිත තැබීමට නම් ඔබ හුදෙක් කල යුත්තේ ජීවිතයට යම් හැරවුමක් දීම තකා තෝරාගැනීමක් කිරීමය්. ජීවන අභිලාෂයක් හදුනාගැනීමය්. Worst person In The World චිත්‍රපටයේ භාෂිතය වන්නේද ඉහත පරිදි ජීවිතයේ ගතානුගතිකත්වයෙන් මිදීම තකා මෙන්ම ජීවන අභිලාෂයන් හදුනාගැනීම උදෙසා කල තෝරාගැනීම් හා ඉන් ශේෂ වන කරුණු මෙන්ම මානව සම්බන්ධතා සදහා එකී තෝරාගැනීම් සිදුකරන්නා වූ බලපෑම ආදී කරුණු කාරණාවන්. කෙසේ වෙතත් වැදගත්ම කරුණු වන්නේ ඉහත කරුණු චිත්‍රපටය ඔස්සේ සම්මුඛ කිරීමේදී විමසා බලන්නා වූ පුලුල් සමාජ සම්බන්ධතා උදෙසා වූ විමසුම් පරාසයය්. ජූලියා අතිශය රූමත් තරුණියකි. ඇය වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙනුම ලබමින් සිටියදී ඇය ඉන් ඉවත් වන්නේ ඇය ඊට සුදුසු නැතය් සිතමිනි. ඇය පසුව චායාරූප කරණයට යොමු වෙය්. එහිදීද යම් යම...









