Only Son ( 1936)
Only Son ( 1936)
| මනුශ්‍යාගේ ශ්‍රේෂ්ඨත්වයෙහි තීරකයා අධ්‍යාපනයද ?? |
යසුජිරෝ ඔසු ගේ සිනමාවෙහි සර්වකාලීන භාවය අරඹයා අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනී මතුකරනු අත්‍යන්ත නොවනුයේ එතුමා නිර්මාණය කල මෙවැනි චිත්‍රපට නිසාය. ඔහු සැමවිටම පාහේ කතිකා කරනුයේ මෙවැනි සර්වකාලීන වස්තු විශයන්ය. එතුමන්ගේ නිර්මාණයන් හුදෙක් ජපන් සමාජයට ලඝු නොවී ඕනම සමාජයක ඕනෑම කාලයකට අනුගත කල හැක්කේ එකී සර්වකාලීනභාවයෙහි ආනුභාවයෙනි
සැබෑ අධ්‍යාපනය යනු කුමක්ද , අධ්‍යාපනය තුලින් සමාජය තුල සුඛවිහරණය සලස්වා ගත හැකි යැය් ඇති මතවාදය තුල හොදම දේ දරුවන්ට ලබා දීමට දතකන මාපියන්ගේ කාර්‍යභාරය කෙබදුද , අධ්‍යාපනය තුලින් සමාජය තුල සාර්ථකත්වය අත්කර ගන්නා පිරිසට අත්වෙන ඉරණම විනා ඉන් අසමත් වන්නන්ගේ දෛවය අරඹයා සමාජ කතිකාවත් නිර්මාණය නොවනුයේ මන්ද යන කාරණා යසුජිරෝ ඔන්ලි සන් ඔස්සෙ විමසනු ලබය්
යසුජිරෝ මෙහිදී සේද කර්මාන්ත ශාලාවක කටයුතු කොට දිවිසරි කරගන්නා මවක හා පුතෙකුගේ දිලිදු කුටුම්භයකට ඇරඹුමේදීම අවධානය යොමු කරය්. පුත්‍රයාට වැඩිදුර අධ්‍යාපනයට ටෝකියෝ යෑමට සිදුව ඇත. මව දිළිදුය එහෙය්න් කෙසේ ඈ අධ්‍යාපනයේ වියදම් දරා ගනුයේද . වර්තමානයට වඩා අනාගතයේ අවශ්‍යතාව මතුවන්නේ මෙතැනදීය ඈ කෙසේ හෝ පුත්‍රයාට යහපත් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පුත්‍රයා ටෝකියෝ යවන්නේය.
වසර කිහිපයකට පසු කුමක් සිදු වුනිද අධ්‍යාපනය තුලින් පුත්‍රයා සාර්ථකත්වය ලගා කර ඇත්ද යන්න ඔන්ලි සන් හී භාෂණයය්. අධ්‍යාපනය සමාජයේ අත්‍යන්තයෙන්ම සපුරා ගත යුතු අවශ්‍යතාවක් බව සැබෑය නමුත් අධ්‍යාපනයෙන් ඔබ්බට ජීවිත සාර්ථක වනුයේ අත්කරගත් සාර්ථකත්වයෙන් සෑහීමකට පත් නොවූ කල්හිය. සාර්ථකත්වයේ පිපාසය හා සාර්ථකත්වය පන්නා යෑම අත්නොහැරූ කල්හී කිනම් සමාජ තත්වයක හෝ සාර්ථකත්වය ලගා වන්නේය. ඒ හැරෙන්නට හුදෙක් අධ්‍යාපනය සාර්ථකත්වය අත්කර දෙන තෙක් කරබාගැනීම අත්කරනුයේ හිස් බවක් විනා අන්කිසිවක් නොවේ.
මනුශ්‍යාගේ ශ්‍රේෂ්ඨත්වය තීරණය කරනුයේ ඔහුගේ අධ්‍යාපන මට්ටම නොව උණුවන හදවතය. පරාර්ථකාමීත්වයය. මනුශ්‍යාට සහජයෙන් උරුම මනුශ්‍යත්ව ගුණාංග කලඑලි බැසගත් කල්හිය. අධ්‍යාපනය යනු හුදෙක් ජීවිතයට න්‍යායාචාර්‍යවරෙයෙකු විනා අන් කවරෙකුත් නොවන බව යසුජිරෝ මෙහිදී මතුකරන අනෙකුත් කරුණය්. සාර්ථකත්වය මෙන්ම මනුශ්‍යාගේ විශිෂ්ඨත්වයෙහි තීරකයා අධ්‍යාපනය නොවී ඔහුගේ මානුශීය ගුණාංග හා සාර්ථකත්වයෙහි පිපාසය වනුයේ එහෙය්නි
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment