Bittersweet Life ( 2005)
Bittersweet Life ( 2005)
දෙවැනි වරය ස්වප්නයක් වූ කල්හි ..!!
ඔබ කොරියානු ත්‍රාසජනක සිනමාපට අරබයා ප්‍රියතාවක් ඇත්නම් Kim Jee-Woon නම් කොරියානු සිනමාකරුවා විශයෙහි මා පුන පුනා අටුවා මතු කිරීම අත්‍යන්ත නොවේ . නමුත් මා Bittersweet Life සෙලියුලය්ටය පිලිබදව කාරණා මතුකරන්නේ නම් Kim Jee Woon විශයෙහි මා කරුණු කාරනා ලිවිය යුතුමය.
Kim Jee-Woon යනු ත්‍රාසජනක සිනමා ශානරය තුල කොරියානු සිනමාවට යම් අනන්‍යතාවක් ලබා දිය හැකි ප්‍රතිභාපූර්ණ සිනමාකරුවෙකි . එකී ප්‍රතිභාව මා විග්‍රහ කල යුතු නොවන්නේ I Saw The Devil , A Tale Of Two Sisters ආදී සිනමාපටයන්හි හෙතෙම එකී ප්‍රතිභාව මනාව ප්‍රකට කල හෙය්නි . Kim Jee Woon ගේ කලාත්මක සිනමාව වානිජමය ත්‍රාසජනක සිනමාවේ කලම්භනය Bittersweet Life යැය් මා හැදින්වුවහොත්..? එය කිසිලෙසකින්වත් අතිශයොක්තියක් නොවේ.
Kim Jee Woon විසින් 2005 වසරේදී නිර්මාණය කරන්නට යෙදෙන්නා වූ Bittersweet Life ඛේදාන්තයක් කරා දිවෙන නාට්‍යමය, ත්‍රාසජනක, ක්‍රියාදාම සිනමාපටයකි. සිනමාපටය පුරා ත්‍රාසජනක ස්වභාවය මැනවින් රදවා ගනිමින් , ක්‍රියාදාම සිද්ධීන්හි ප්‍රචන්ඩත්වය දැඩිව පවත්වාගනිමින් Kim Jee-Woon මෙහිදීද සාර්ථක ත්‍රාසජනක සෙලියුලය්ටයක් තනා ඇත්තේය.
නමුත් හෙතෙම සිනමාපටයට කලාත්මක මෙන්ම භාවාත්මක ස්පර්ශයක් ගෙන එනුයේ නාට්‍යමය සිදුවීම් හීදිය. ස්ත්‍රිය මවා ඇත්තේ මිනිස්සු ඇවිලීමටද , මිනිස්සු නිවීමටදැය් යන පැනය Kim Jee Woon අතිසාර්ථකත්ව ප්‍රේක්ෂකාගාරය අභිමුඛයේ තබන්නේය.
සැවොටම ජීවිතයට දෙවෙනි වරයක් අවැසිය. එසේ අවැසි වූ කල්හි එකී දෙවෙනි වරය ලබා දීම උදෙසා ආගන්තුකයෙක් වුවද පැමිණිය හැක. නමුත් යමෙකුට ජීවිතයේ දෙවෙනි වරයක් ලබා දෙන්නෙකු හට ඒ හෙය්න්ම ඔහුගේ ජීවිතයේ දෙවෙනි වරය අහිමි වුවහොත් ?? . එය දිවියෙන් වන්දිගෙවීමක් උවහොත් ...?? Kim Jee-Woon ප්‍රේක්ෂකාගාරය අභිමුඛයේ තබා විමසාලන අනිකුත් කරුණ එයය්.
මෙහි ආරම්භක මෙන්ම අවසාන සංවාද ද්විත්වයට මා ඉතා ප්‍රිය කරන්නෙමි . එහෙය්න් මම එහි සිංහල අනුවාදය රචනයේ පලකරන්නෙමි. මම රචනය තුල සිනමාපටයෙහි කතාන්දරයක් අන්තර්ගත නොකරන හෙය්න් එකී සංවාද ද්විත්වය අත්‍යන්තයෙන් ම ඔබහට සිනමාපටය නැරඹීමට පොළඹවන්නක් වන්නේය.
" වසන්තයේ එක් දවසක ,එක් ශිෂ්‍යයෙකු ගසක අතු සුළගට සෙලවෙන අයුරු බලා උන්නේය.
පසුව ඔහු ගුරුතුමාගෙන් මෙසේ ඇසුවේය . "ගුරුතුමනි , මේ අතු නිකන් සෙලවෙනවද ? නැත්නම් සුළග නිසා සෙලවෙනවද ?."
ගුරුතුමා සිනාසෙමින් මෙසේ පැවසුවේය.
"අතු නැත්නම් සුළගට සෙලවෙන්නෙ මොනවාදැය් දන්නවද.? "
"ඒ ඔබගේ හදවත සහ මනසය් .!"
සමාජ විශමතාව, මනුශ්‍යත්වයේ පිරිහීම , ආත්මාර්ථය , ලිංගික තෘෂ්ණාව කර්ණකොට ගෙන මිනිසා නැමැති සමාජ සත්වයා කැළඹෙන්නේය . ඉවක් බවකින් තොරව හැසිරෙන්නේය. ඒ යම් සේද යත් සුළගට අතු සෙලවෙන්නාක් මෙනි.
එකී කරුණු කාරණා හේතුවෙන් මිනිසා කැලඹීම නතර වූ කල්හි ඔහුගේ හදවත හා මනස යහපත, ආධ්‍යාත්මික සැනසීම නැමැති සුළගින් කැලඹෙන්නේය . සිනමාපටය ආරම්භයේදී Kim Jee-Woon සිනමාපටය විසින් දිගහැරීමට උත්සුක වන චරිතයන්හි ගතිකත්වය ප්‍රේක්ෂකයා හට එලෙස පසක් කරවන්නේය.
සිනමාපටය අවසානය ඛේදාන්තයකි. පැසවමින් ජීවත් වූ මිනිසෙකු අවසානයේ සැනසීම සොයා ගනිය්. නමුත් පැසවමින් පවතින සමාජයක පැසවන මිනිසුන්ට හැර පැසව පැසව සිට සැනසීම සොයා ගත් මිනිසුන්ට ජීවත් වීම දුෂ්කරය. ජීවිතයේදී යම් තෝරාගැනීම් පසුකාලයක නිරර්තක යැය් හැගුණද ඉන් මිදිය නොහැක. මන්ද යත් එකී තෝරා ගැනීම් ඛේදාන්තය කරපින්නා ගත් වීමය්.
එවැනි තෝරා ගැනීම් වලින් මිදීමට සිතීමද ස්වප්නයකි. පැසවමින් සිට සැනසීම ලගා කරගැන්මද බාගදා ස්වප්නයකි. එවිට ඔබේ ආධ්‍යාත්මය හඩාවි මන්ද යත් ඔබටම එය සැබෑවක් කරගැනීම උගහට යැය් පසක් වන හෙය්න්. Kim Jee-Woon සිනමාපටය අවසානයේදි මෙම ප්‍රකාශයෙන් කීමට තනන්නේ එකී ඛේදයය්.
"වසන්තයේ එක රාත්‍රියක ශිෂ්‍යයෙක් අඩමින් ඇහැරුනේය."
ගුරුතුමා ශිෂ්‍යාගෙන් මෙලෙස ඇසුවේය.
"ඔබ සිහිනයක් දුටුවාද ?"
"ඔබ දුක හිතෙන සිහිනයක් දැක්කද "
"නැහැ , මම ලස්සන සිහිනයක් දුටුවා "
"එහෙනම් ඇය් ඔබ අඩන්නෙ "
ශිෂ්‍යයා කදුලු පිස දමමින් මෙලෙස පැවසුවේය.
" මොකද මට ඒ සිහිනය කවදාවත් සැබෑ කරගනු බැහැ"
Kim Jee-Woon ගේ සිනමාපට ගොන්නෙන් ප්‍රේක්ෂකයාව අපූර්වතම මානයකට කැටුව යන අපූර්වතම සිනමාපටයක් ලෙස මා Bittersweet Life හැදින්වීම සාධාරණය. ඒ ප්‍රචන්ඩත්වය , අහිමිවීම් , බලාපොරොත්තු ඛන්ඩනය වීම් , විශ්වාසයන් පලුදු වීම් , පලිගැනීම්, ආධ්‍යාත්මික සැනසීම සිහිනයක් වූ මිනිසුන් පැසවමින් වෙසෙන සමාජයක් තුල මනුශ්‍ය ජීවිත අරබයා ඇති කරවන ඛේදාන්තය Bittersweet Life තුලින් අනුවේදනීය අයුරින් ප්‍රේක්ෂකයා අභිමුඛයේ තබන හෙය්නි. එහෙය්න් මෙම සෙලියුලය්ටය එව බලව යන විධානය සිනමාවට ඇලුම් කරන්නන්ට මා දෙනු කැමැත්තමි
🖋️ හිරුෂ කසුන්


Comments
Post a Comment