Wish Dragon ( 2021)








Wish Dragon ( 2020)

ජීවිතයෙහි තෘප්තිය යනු ,

මනුශ්‍ය ජීවිතයන්හි ආනන්දය , උද්වේගය , සංතෘෂ්ටිය මෙන්ම තෘප්තිය රදා පවතිනුයේ මානව සබදතා මතය. මිත්‍රත්වය , දාරක සබදතාවන් , නෑ සබදතා , අසල්වැසි හිතවත් හු සමග ගොඩනැගෙන්නා වූ සබදතා එකිනෙකාගේ දිවියන්හි සංතෘෂ්ටිය මෙන්ම තෘප්තිය තීරණය කරන්නා වූ අත්‍යන්ත සාධකයක් වනුයේ එහෙය්නි.

මානව සබදතාවන්හි ගතිකත්වය එකිනෙකාගේ ආත්ම තෘප්තිය මෙන්ම සංතෘෂ්ටිය තීරණය කරන්නා වූ මහා පොදු සාධකයක් උවද ඒ ඒ සබදතා තෘප්ත කරනු එකිනෙකා ලබා දෙන්නා වූ වටිනාකම් හා කැපකිරීම් විවිධාකාරය .සමහරු සරල දිවිපෙවෙත ඔස්සේ සැහැල්ලු මෙන්ම එකිනෙකා හා සහයෝගීව ජීවත් වන අතර එකට එක්ව සරලව සැහැල්ලුවෙන් ජීවත් වීම ජීවිතයෙහි මෙන්ම සබදතාවන්හී අගය ලෙස සිතන්නේය . සමහරු මුදල් උපයමින් සංකීර්ණ මෙන්ම වෙහෙසකර කාර්‍යබහුල ජීවිත ගත කරමින් යැපෙන්නන් හට සුඛිතමුදිත දිවියක් අත්කරලීමට උත්සුක වන්නෝය. 

නමුත් සැබවින්ම සංතෘෂ්ටිය මෙන්ම ජීවිතයෙහි තෘප්තිය ඇත්තේ කොතනද ? සරල සැහැල්ලු සහයෝගී දිවියෙහිද , සංකීර්ණ ධනවත් කාර්‍යබහුල දිවියෙහිද ? Wish Dragon සජීවිකරණ චිත්‍රපටය මූලික වශයෙන් එය විමසන්නකි.

විශ් ඩ්‍රැගන් චිත්‍රපටය විටක ඇලඩින් කතාන්දරය පදනම් කරගත්තක් බව පෙනෙන්නකි. සිතූපැතූ සම්පත් දෙන මකරෙකු විශ් ඩ්‍රැගන්හි තීරකයා වන්නේය. සංකීර්ණ ධනවාදයට අනුගත දිවිපෙවෙත සැමවිටම ගැටලූන් හට අතවැනීමකි. වටිනුයේ ප්‍රියයන් හා එක්ව අල්පේච්ඡ මෙන්ම සහයෝගී සංතෘෂ්ටියෙන් පිරි දිවියක් ගත කිරීමය. සෑම මොහොතකම ප්‍රියයන් හා සතුටින් ගතකිරීමය . ජීවිතය  තෘප්තිමත්ව උද්යෝගිමත්ව ගත කල හැක්කේ එවිටය. 

                                🖋️ හිරුෂ කසුන්

Comments

  1. ස්වර්ණරේඛා සෙව්වන්දිAugust 22, 2021 at 9:51 AM

    මේ අවුරුද්දේ බලපු රසවින්දනාත්මකම ඇනිමේශන්වලින් එකක් .

    මේ ලිපියේ තියනවා වගේ සරල නිර්මාණයක වුණත් ලොකු මානව කියවීමක් අඩංගු වෙන්න පුලුවන්.

    ReplyDelete

Post a Comment

Popular Posts