The Ice Road ( 2021)
The Ice Road ( 2021)
කාරි නෑ ලියාම් මේ ඇති !
කලකට පසු ලියාම් නීසන් රංගනයෙන් දායක වූ සෑහීමකට පත් විය හැකි මට්ටමේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි The Ice Road .පසුගිය කාලය පුරාවටම අඩුපිරිවැයකින් නිර්මාණය කරන්නට යෙදෙන ක්‍රියාදාම චිත්‍රපටය වලින් සෑහීමකට පත් වූ ලියාම්ට The Ice Road සැබවින්ම දාහෙන් සම්පතකි. නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කරන්නට යෙදුන මෙය බොහෝ විට ලියාම් නීසන් රංගනයෙන් දායක වන්නා වූ අවසාන ක්‍රියාදාම චිත්‍රපටය වන්නට බොහෝ සෙය්න් ඉඩ ඇති බව සදහන්ය
මය්ක් රියදුරෙකි. ඔහුගේ සහෝදරයා ගර්ටි මානසික අවපීඩිතයෙකි. පිපිරීම් අනතුරකින් කට්කා නම් පතලක සිරවූ කම්කරුවන් බේරා ගැනීමට අවශ්‍ය ආම්පන්න පැය තිහක් වැනි කාලයකදී රැගෙන යාමේ වගකීම මය්ක්ට හා ගර්ටි ට පැවරෙන්නේ මේ අතරය. ඔවුන්ට ඇති ආර්ථික ගැටලු වලින් මිදීමට එය හොද අවස්ථාවක් යැය් හදුනාගත් මය්ක් ඊට ඉදිරිපත් වුවද එය දිවිනසා ගැනීමේ මෙහෙයුමක් බදු වනුයේ ශීත කාලය හේතුවෙන් මිදී ගිය විල් මතින් මෙකී ගමන ටොන් කිහිපයක් බර කන්ටේනර් මගින් යාමට සිදුවීම නිසාවෙනි.
Ice Road චිත්‍රපටයෙහි ත්‍රාසජනක සිද්ධීන් සියල්ලම පාහේ මිදුන අය්ස් මත වූ මෙකී අන්තරාදායක මාර්ගයෙහි ටොන් ගනනක භාරයක් රැගෙන යන්නා වූ කන්ටේනර් ගමන වෙත කේන්ද්‍ර ගතව ඇත. ක්‍රියාදාම සිදුවීම්ද කතාන්දරයෙන් පරිබාහිරව නොගොස් කතාන්දරය තුලින්ම මතුකරන්නට තිරරචනය උත්සුකව තිබූ බව කීමට සතුටුය.
නමුත් මෙය යම් තරමකට සෑහීමකට පත් විය හැකි චිත්‍රපටයක් වුවද කිසිසේත්ම ගුණාත්මක ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස වර්ගකිරීම උගහටය . මෙය හුදෙක් සරල වින්දනාත්මක ක්‍රියාදාම චිත්‍රපටයක් පමණි. චිත්‍රපටයහි ත්‍රාසය මෙන්ම සංවේදී අවස්ථා තීව්‍ර කරනු වස් අධ්‍යක්ෂක තැන වූ Jonathan Hensleigh හට ලැබී තිබූ අවකාශයන් බොහොමයක් ඔහු විසින් අනවශ්‍ය ලෙස මග හැර ඇතිබව කනගාටුවට කරුණකි.
කෙසේ වෙතත් ලියාම් නීසන් තුලින් මෑතකදී සෑහීමකට පත් විය හැකි රංගනයක් මෙන්ම සෑහීමකට පත් විය ආකාරයේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් රසවිදීමට නොහැකි වූ හෙය්න් පෞද්ගලිකව ඔහුගේ රංගනය ප්‍රිය කරන්නෙක් වූ මටද The Ice Road සැබවින්ම දාහෙන් සම්පතකි.
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment