I am an Old Communist Hug (2013)
I am An Old Communist Hug ( 2013)
එමිලියා හා ටුකු යනු විශ්‍රාම වැටුපෙන් දිවි ගෙවන විශ්‍රාමික මහළු යුවලකි. ඔවුන්ගේ දියණිය වසර දහයක් ඇමරිකාවෙහි ගත කිරීමෙන් අනතුරුව ඇගේ ඇමරිකානු සැමියා සමග සිය මවුපියන් හමුවීමට රුමේනියාවට පැමිණෙය්. ධනවාදී ආර්ථික රටාවෙන් හෙම්බත්ව අතිශය සංකීර්ණ ජීවිතයක් ගත කරන දියණිය සමග කෙටිකලක් ගෙවීමේදී ඔවුන්ගේ ආර්ථික ගැටලු පිළිබඳ දැන ගන්නා එමිලියා හා රුමේනියාවෙහි කොමියුනිස්වාදය බිදවැටුන කාල වකවානුව පිළිබඳව අවධිවන ඇගේ නොස්ටැලිජියාව හා දියණියගේ ආර්ථික ගැටලු විසදීමට ඈ ගන්නා උත්සාහය I am an old communist hug හි කතා පුවතය්
කොමියුනිස්ට්වාදය බිද වැටුන අවධියෙහි දරදඩු අදූරදර්ශි පාලනයක් රුමේනියාවෙහි වූ වග ඇගේ මතකයන් තුලින් පැහැදිලි වන්නකි. එය රැකියා නියුක්තියන්ගේ රැකියා අහිමි වන මෙන්ම කම්කරුවන් දැඩි ආර්ථික පීඩනයකින් කල් ගෙවූ කාල වකවානුවක් බව ඇගේ ආවර්ජිත මතකයන් තුලින් පැහැදිලි වන්නකි
ඇමරිකානු ධනවාදී සමාජයෙහි දිවිගෙවන දියණිය ඈ සතුටින් බව පෙන්නුවද ආර්ථික ගැටලු නිසාවෙන් ඈ සිටිනුයේ මහත් වූ පීඩනයකි. ඇගේ සැමියා ද ආර්ථික ගැටලු හෙය්න් මානසිකව පීඩිතය. නමුත් එවැනි ගැටලු පිටට නොපෙන්වා සිටිනු වස් ඔව්න් දෙදෙනාම උත්සාහ කරය්.
I am an Communist Hug කිසිලෙසකින්වත් දේශපාලනික චිත්‍රපටයක් ලෙස හැදින්වීම උචිත නැත. මන්ද යත් දේශපාලනය අරබයා සංවාද හෝ විසංවාද කරනට චිත්‍රපටයෙහි කිසිදු චරිතයකට අවකාශ නැත. ඔව්හු ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ආර්ථික ගැටලු හා ගැටෙති. මවුපියෝ ඔවුන්ගේ ජීවිත වන සුඛය දෙවෙනි කොට දරුවන්ගේ සුඛවිහරණය උදෙසා තීරණ ගනිති.
කොමියුනිස්ට් වාදී හා ලිබරල්වාදී ක්‍රම ද්විත්වයේ සාර්ථකත්වය එකිනෙකාගේ දේශපාලනික දැක්මට අනුකූලව තීරණය වන්නකි . ආර්ථික තත්වය ජනතාවගේ මානසික නිදහස තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් වී හමාරය. මේ නිසාවෙන් I am an Communist Hug චිත්‍රපටය මෙම කිසිදු දේශපාලන අන්තයකට බර නොවී එමිලියා ගේ ජීවිතයෙහි එදා හා අද විකාශනය සාර්ථකව සිනමාවට ගෙන එන්නේය. එතනින් ඔබ්බට එකී දේශපාලනික අන්ත ද්විත්වය ඔස්සේ සිතීම නරඹන්නාට බාරය.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment