Rope ( 1948)
Rope ( 1948)
| ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක් විසින් විසිත්තකාමරයට ගෙන ආ ඝාතනයේ ත්‍රාසය |
සිනමානිර්මාණයක සාර්ථකත්වයට බලපාන කරුණු මොනවාදැය් මහා සිනමාකරු ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක්ගෙන් විමසූ කල්හි ඔහු පවසන්නට යෙදෙනුයේ සිනමා නිර්මාණයක සාර්ථකත්වයට ඇවැසි වනුයේ පළමුවත්, දෙවෙනුවත් , තෙවනුවත් සාර්ථක තිරපිටතක් බවය.
අවවාදයට වඩා ආදර්ශය සැබවින්ම උතුම්ය. ඇල්ෆ්‍රඩ් විසින් පවසන්නට යෙදුනා වූ තිරපිටපත් කර්ණය ඇල්ෆ්‍රඩ් වරක් දෙවරක් නොව තිස් හතලිස් වතාවක් සිය සිනමාපට තුලින් ශපථ කලේය.Arthur Laurents ගේ තිරපිටපතකට නිමවුන හිට්ච්කොක්ගෙ Limited Settings චිත්‍රපට අතර දෙවැන්න වූ Rope ද ඉන් එකකි . ඉන් නොනැවතී මෙය සිනමාව තුල ඇල්ෆ්‍රඩ් විසින් කලාවූ අපූර්ව සිනමා පර්යේෂණයකි. මෙහිදී ඇල්ෆ්රඩ්ගේ සම්පූර්ණ චිත්රපටයෙහි පසුබිම නිවසක විසිත්තකාමරයකි . චරිත සීමිතය. සිදුවීම් තත්කාලීනය. සංස්කරණය කරනුයේ සම්පූර්ණ චිත්‍රපටයම දිගු දර්ශනයක් ලෙස ගම්‍ය වන අයුරිනි මේ තුලින් හෙතෙම අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් තනන්නේය.
පිලිප් හා බ්‍රැන්ඩන් සමරිසි සරසවි සිසුන් දෙදෙනෙකි. සිය නිවසෙහි සාදයක් සංවිධානය කරන ඔව්හු ඊට පැමිණෙන ඩේවිඩ් නම් ඔව්න්ගේ මිතුරා ඝාතනය කර නිවසෙහි සාලයෙහි වූ පෙට්ටගමකට දමා වසය්.
චිත්‍රපටය ඇරඹුමම ඝාතනයකි. සාදයට පැමිණෙන්නන් හට ඝාතනය හෙලි වේවිද නොවීවේද යන උභතෝකෝටිකය වටා චිත්‍රපටය ගොඩනගී ඇත්තේය. මෙහිදී අත්‍යන්ත වැදගත් වනුයේ ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක් විසින් මෙම උභතෝකෝටිකය සමග ගණුදෙනු කරන අයුරුය.
චිත්‍රපටය ඇරඹුමේම ඝාතකයන් කවුරුන්දැය් නරඹන්නා දනිය්. ඝාතනය සිදුවූ අයුරුද එමෙන්ම ඝාතනය වූයේ කවරෙක්දැය් කියන්නටද නරඹන්නා හොදාකාරවම දනිය්. නමුත් ඝාතනය කෙසේ හෙලිවේවිද , හෙලි නොවීවෙද යන්න අවසානය වන තුරු කුහුලක්ව තබා ගනිය්. එමෙන්ම යම් හෙයකින් ඝාතනය හෙලු වුවහොත් පිලිප් හා බ්‍රැන්ඩන් එය සමග කෙසේ ගණුදෙනු කරාවිදැය් යන කරුණද මෙහිදී කුහුලකි.
ඇල්ෆ්‍රඩ් මෙහිදී චරිත අටක් හදුන්වාදෙන්නේය. චරිත අටම නිවසෙහි විසිත්තකාමරයට කැදවා අවුත් ඝාතනයේ සංත්රාසය හා නාට්‍යමය අවස්ථා මැනවින් තනන්නේය. චරිතයන්හී උච්චතම අවස්ථා නරඹන්නාට දැනවීමටද ,ඒ ඒ චරිතයන් තුලින් ඝාතනය හෙලිදරව් වීමට කිනම් වූ සහයෝගයක් ලැබේවිදැය් යන විචිකිච්චාව නරඹන්නාට දැනවීමට හිට්ච්කොක් මෙහිදී චරිතයන්හි සමීප දර්ශන (Closeup ) උපයෝගී කරගනුයේය. සිදුවීම් තත්කාලීන අයුරින් නිර්මාණය කරන්නේය. ඊට විසිත්තකාමරය තුල විවිධත්වයෙන් යුතු කැමරා කෝණ උපයෝගී කරගනුයේය. ඒවා එක් දිගු දර්ශනයක් ලෙස ගම්ය් වන අයුරින් සංස්කරණය කරන්නේය.
එහෙය්න් චිත්‍රපටය අවසන් වන තෙක් කුතුහලය , අවිනිශ්චිතතාව යන උභය කාරණා අල්පමාත්‍ර අඩුවක් නැතිව රදවා ගන්නට ඇල්ෆ්‍රඩ් සමර්ත වන්නේය . සිනමාත්මක අත්දැකීම නැවුම්ය . සංගීත භාවිතාව ඉතාම අවමය. නමුත් සිනෙමැටොග්‍රැෆි හා වර්ණ භාවිතාව ඉතා ඉහලය. විසිත්තකාමරයක් තුල පරිසමාප්තියට පත් අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් නිර්මාණය වනුයේ ඒ අයුරිනි.
එලෙසම සුපුරුදු පරිදි ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක් ගේ සුප්‍රකට සංඛේත රූප භාවිතාව මෙහිදී අංශු මාත්‍රයක වෙනසක් නැත්තේය. චිත්රපටයෙහි ආරම්භක අවධියෙහි වේගෙයෙන් ඇරමෙන් වැහෙමින් ඇති දොරක් තුලින් චිත්රපටයෙහි අපරාධකරුවකු වන බ්‍රෙන්ඩන් පෙන්වන හිට්ච්කොක් අත්‍යන්තයෙන් ම ඉදිරීයේදී ඔහු මුහුණ පාන්නට යෙදෙන උභතෝකෝටිකයට ඉගි නරඹන්නාට දෙන්නේය. එසේම චිත්රපටයෙහි ප්‍රධාන චරිතය ලෙස හදුන්වාදෙන රූපට් නම් සරසවි ඇදුරාගේ සෙවනැල්ල පියානෝ වයමින් උන් පිලිප් වෙත පතිතකරවන ඇල්ෆ්‍රඩ් රූපට් විසින් මෙම අපරාධය උදෙසා සිදුකරන්නට යන බලපෑම පිළිබඳවද ඇල්ෆ්‍රඩ් ඉගි ලබා දෙන්නේය.
දර්ශනවාදය පිළිබඳ ප්‍රවීනයෙකු වූ රූපට් යුධය සම්බන්ධව පවසනුයේ සමාජයෙහි උන්නතිය උදෙසා පහත් ජීවිත කෙලවර කල යුතු බවය. අසංතෘප්තත්වය සංතෘප්ත කරනු වස් සාර්ථක මනුශ්‍ය ඝාතනයක් හේතු විය හැකි බවය. එය රසවිදිය හැකි බවය. සමරිසි සරසවි සිසුන් දෙදෙනා විසින් ඔව්න් ප්‍රිය නොකලෙකු වූ මිත්‍ර ඩේවිඩ් සැලසුම් කර ඝාතනය කොට උත්සාහ කරනු ඇත්තේ පහත් ජීවියෙකු ලෙස ඔව්න් සිතන්නෙකු වූ ඩේවිඩ්ව සාර්ථකව සැලසුම් කොට ඝාතනය කොට එය රසවිද ඔව්න්ගේ අසංතෘප්ත ජීවිත සංතෘප්ත කල හැකි බවදැය් ඇල්ෆ්‍රඩ් මෙහිදී නරඹන්නා හමුවේ තබන නොවිසඳුණු පැනයය්.
සිනමාව තුල හමුවන අපූර්ව සංයෝගයක් වන ජේම්ස් ස්ටෙවර්ට් හා ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක් රෝප් හීදී එකට හමුවන්නේය. මෙකී ප්‍රතිභාවන් ද්විත්වය තිරයෙහි සංයෝජනය වූ කල්හි නිර්මාණය වනුයේ ඉන්ද්‍රජාලික නිර්මාණයන්ය. ඉතින් එය රෝප් හීද වලංගු ය . ප්‍රතිභාසම්පන්න සිනමා නලු ජේම්ස් ස්ටෙවර්ට් ගේ රූපට් චරිතය රගදැක්වීම රෝප් හි පරිසමාප්තියට නිසැක කර්ණයකි.
කලාකරුවෙකුගේ ප්‍රතිභාව ලෙස හදුන්වනුයේ අපූර්ව දෑ නිර්මාණය කිරීමේ හැකියාවය Arthur Laurents ගේ Rope තිරපිටපත ද ප්‍රතිභාසම්පන්න තිරපිටපතකි. එමෙන්ම ඉන් බිහිවූ Rope ද කලාත්මක පරිසමාප්තියට පත් ප්‍රතිභාසම්පන්න ත්‍රාසජනක චිත්‍රපටයකි
🖋️ හිරුෂ කසුන්



සුපිරි ලියවිල්ලක්!��
ReplyDeleteහිච්කොක්ගේ සිනමාව ගැන කවරකතාද .. එක දර්ශන තලයක් , නලුවෝ දෙන්නෙක් දෙන්න . මනුස්සයා සුපිරි ත්‍රිලර් එකක් හදයි..
සමස්ත සිනමාවේ suspense genre එක දැවැන්ත වෙනස් කිරීමට දායක වුණ අධ්‍යක්ශකවරයෙක්