Frist Love (2019)
First Love ( 2019)
| ටකෂි මය්ක් ජපන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා පාතාලය සමග අරගලයක.|
ටකෂි මය්ක් ජපාන සිනමාව තුල නිරන්තරයෙන් කරනුයේ නංගි පෙන්වා අක්කා දීමකි. ඔලුව අතගා කවි කියා ආධ්‍යාත්මය ස්පර්ශ කොට යථාර්ථය හෝ අදුරු මනුශ්‍යත්වය සිනමාපටයන්හි විවරණය කිරීම ටකෂිගෙ සිනමාකරණය නොවේ. ඔහු ප්‍රචන්ඩත්වය තුලින් යථාර්ථය සිනමාවට ගෙන එන්නෙකි. පසු කාලීනව පුලුල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් විකෘති වූ ජපාන සංස්කෘතිය විවේචනය කරන්නෙකි. අප්‍රකට විකෘති මනුෂ්‍යත්වය සිනමාවට ගෙන එන්නෙකි. ඒවා ප්‍රශ්න කරන්නෙකි.
First Love තුලින් ටකෂි සිනමාවට ගෙන එනුයේද එවැනි කාරණාය. මෙවර ඔහුට අසුවනුයේ ජපාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා පාතාලයය්. වියරු පාතාලය එකිනෙකා මරා ගනිති. හිස් කදින් වෙන්කරති. වීදි රුධිරයෙන් නාවති . භීෂණාත්මක රාත්‍රීන් නගරයන්හි උදා කරති.
බැලූබැල්මට ටකෂි මෙහිදී නිර්මාණය කරනුයේ ඒ අනුසාරයෙන් ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්ය. නමුත් කතාන්දරය ඇත්තේ ඔහු නිර්මාණය කරන්නා වූ ජපාන වීදි තුලය. වීදීන්හි එකිනෙකා මරා ගන්නා පාතාල සාමාජිකයන් තුලය. මත්‍කුඩු පාර්සලයක් වෙනුවෙන් නගරයන් භීතියෙන් අලලමින් හිස් සිදිමින්, බාහූන් චේදනය කරමින් සුනඛයන් සේ පන්නන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් තුලය.
විකෘති ලිංගික ආශාවන් හෙය්න් මනෝව්‍යාදීන් වූ තාරුණ්‍යය. මතට ලොල්ව වීදිවල වැටී නිදන තරුණ කතුන් , මත්කුඩු වෙනුවෙන් නන්නාදුනන් හා නිදන තරුණ වීදි ගණිකාවන් ටකෂි First Love හිදී තිරයට ගෙන එන්නේය. මෙය අදුරු සමාජ විවරණයකි. ටකෂි අදුර අදුර ලෙස පෙන්වන්නෙකි. අදුර තුල කවි කීම ටකෂිගේ සිනමා ආඛ්‍යානය නොවේ.
ප්‍රචන්ඩත්වය සැමවිටම මනුශ්‍යාගෙන් මනුශ්‍යත්වය ප්‍රශ්න කරන්නේය. ටකෂි ඔහුගේ සිනමාවට මේ ප්‍රචණ්ඩත්වය කිසිදු පෙරීමකින් තොරව උපයෝගී කරගනුයේ එහෙය්නි. ආර්ථික හෝ සමාජ පරිස්ථිතීන් කුමන මට්ටමක වුවද එය අවසානයේ ප්‍රශ්න කරනුයේ මනුශ්‍යත්වයය්. එහෙය්න් ටකෂිගේ සිනමාපට වල රුධිරය යනු එතරම් ගිණිය යුතු දෙයක් නොවන්නේය. එය ටකෂි මය්ක් සිනමා ආඛ්‍යානය හා බැදී පවතින්නෙකි. ප්‍රචණ්ඩත්වයෙන් මනුශ්‍යත්වය ප්‍රශ්න කරන්නෙකි ටකෂි.
First Love හීද නිරර්ථක අභිලාෂයන් අභියස මනුශ්‍යත්වය ප්‍රශ්නාර්ථයක් වූ අයුරු ටකෂි පෙන්වන්නේය. ජපානය කිසිසේත්ම සුඛිතමුදිත රාජ්‍යක් නොවන බවත් තාරුණ්‍යය මත්කුඩු උදෙසා වීදීන්හි රුධියෙහි ගිලෙන බවත් ටකෂි කියන්නේය. මනුශ්‍ය ආධ්‍යාත්මය ප්‍රශ්නාර්ථයක් වී ඇත. ලිංගිකමය අඩත්තේට්ටම් , අභිලාෂයන් සිදී යෑම් හෙය්න් මනෝව්‍යාදීන් වූ තරුණයන් මත්ද්‍රව්‍ය හි පිහිට පතති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වීදීන් හී වීරත්වයක් ආරූඩ කරගනිමින් අලුගෝසු කාර්‍යයේ නියැලෙන්නේ එහෙය්නි.
ටකෂි සිනමාවේදී පුරාවෘත්තයක් ලෙස හැදින්වීමට ඔහු සිනමාවට ගෙන එන ප්‍රබල සංඛේත රූප භාවිතය එක් කර්ණයකි. First Love හීදීද ප්‍රාථමිකත්වයෙන් ඔබ්බට ගිය මෙන්ම මෙහිදී ඔහුගෙන එන ප්‍රස්තූතය සිනමාත්මකව විවරණයට ටකෂි නිරන්තරයෙන් සංඛේත භාවිතා කරන්නේය. ඔහු මෙහිදී නිර්මාණය කරන්නට යෙදෙන ප්‍රචන්ඩත්වය පිරි ක්‍රියාදාම දර්ශණයන්ටද එය පොදු කරුණකි.
ටකෂි ෆස්ට් ලව් හීදී ප්‍රේමය උපයෝගී කරගනුයේ ඔහු මෙහිදී සාකච්ඡා කරන්නට යෙදෙන්නා වූ සියල්ලටම විසදුමක් ආකාරයෙනි. බොක්සිං ක්‍රීඩකයෙකු අහම්බෙන් හමු වූ ගණිකාවක් මා ඉහත කී පාතාල ගැටුමෙන් ආරක්ෂා කරන්නේය. ඈ කුඩා කල වූ ලිංගික අඩත්තේට්ටම් හේතුවෙන් මනෝව්‍යාදියෙකින් පෙලෙන්නේය. ඉන් මිදීමට මත්ද්‍රව්‍ය පිහිට පතන්නේය. නමුත් ඈටද පාතාල කුමන්ත්‍රණයක අතකොලුවක් ව පාතාල ගැටුමට මැදිවන්නට වනුයේය. ඇගේ පිහිටට මෙම ගැටුමට මැදිවන බොක්සිං කරුවාගේ හා ඇගේ නිහඩ ප්‍රේමය ටකෂි, මෙම ලෙය්න් නැහැවුනු අදුරු වීදීන්හි අදුර නැති වනු පිණිස දැමූ වීදි ලාම්පුවක් වැන්න. සියල්ලට විසදුම අන්නෝන්‍ය සහයෝගිතාවයය්. නිකලැල් ප්‍රේමයය්. සෞභාග්‍යමත් ජපානයේ අදුරු සමාජමය පැතිකඩක් නිරුවත් කරන්නා වූ ටකෂිගෙ මෙම ප්‍රචණ්ඩත්වය පිරි සමාජ විවරණය ෆස්ට් ලව් වූයේ එලෙසය්.
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment