Nobody ( 2021)
Nobody ( 2021)
ක්‍රියාදාම ශානරය මෙන් වෙනත් තරගකාරී සිනමා ශානරයක් සොයා ගැනීම උගහටය. වට්ටෝරුගත ක්‍රියාදාම සිනමාපට යම් විවිධත්වයක් ඇතිව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නට නිර්මාණකරුවන් පෙලඹෙන්නේ එකී තරගකාරීත්වය ආනුභාවයෙනි. එපරිද්දෙන් මේ වසරේ නිර්මාණය කිරීමට යෙදුන සාර්ථක ක්‍රියාදාම ත්‍රාසජනක සිනමා අත්දැකීමකි Nobody .
හච් යනු ඒකාකාරී දිවියක් ගෙවන , විවාහදිවියෙද යම් ගැටලුකාරී වාතාවරණයක සිටින මැදිවයස් කරුවෙකි. ඔහු යම් අමතක කල නොහැකි අතීතයකටද හිමිකම් කියන්නෙකි. දිනක ඔහුගේ නිවස හෙරක හා හොරෙකු විසින් කොල්ලකන්නේය. හච් ගේ දිවිය මහත් වූ පරිවර්තනයකට ලක්වනුයේ මේ සිදුවීමෙනි.
Nobody අතිශය සරල ක්‍රියාදාම ත්‍රාසජනක සිනමාපටයකි. අවිවේකී ඒකාකාරී දිවියට යම් වින්දනයක් එක් කරන්නට හැකි අපූරු චිත්‍රපටයකි . Nobody සදහා අතිවිශාල ප්‍රේක්ෂක අවධානයක් ලැබීමට එය ප්‍රධාන හේතුවකි. එසේම ක්‍රියාදාම ත්‍රාසජනක සිනමා රසිකයන්ට තෘප්ත විය නොහැකි ක්‍රියාදාම නිර්මාණයක් දිගුකලකින් නොපැමිණීමද Nobody හි සාර්ථකත්වයට හේතුවකි. එහෙය්න් ක්‍රියාදාම රසිකයන්ට Nobody යනු මරුකතරට වැටුන දිය බිදුවකි. කිසි ලෙසකින් නරඹන්නා අතෘප්ත නොකර උපරිමාකාරයෙන්ම ක්‍රියාදාම ත්‍රාසජනක සිනමා වින්දනයක් ලබා දීමට Nobody සමත් වීමද මෙය වටා විශාල ප්‍රේක්ෂකාගාරයක් එක්රොක් විමට කර්ණ වූ තවත් කරුණකි.
Nobody නරඹන්නා හට John Wick සිනමාපට මාලාව නිරායාසයෙන්ම මෙනෙහි වන්නේය. ඊට හේතුවන්නේ මෙයද John Wick ලියූ Darek Kolstad විසින්ම මෙයද රචනා කිරීමය. නරඹන්නාට ක්‍රියාදාම සිනමාපටයන් තුල අපූරු අත්දැකීම් එක් කරන්නට ඩෙරෙක් කෙතරම් නිපුනදැය් John Wick නැරඹූවන් දනිති. ඔහු Nobody තුලින් එය නැවත නැවතත් තෘප්ත කරන්නේය.
නරඹන්නාගේ රුධිරයට ඇඩ්‍රනලීන් පොම්ප කරන්නාසුලු අපූරු මෑතකාලීන ක්‍රියාදාම ත්‍රාසජනක සිනමාපට ගොන්නට Nobody අත්‍යන්තයෙන්ම එක්වන්නේය. Bob Odenkirk බලාපොරොත්තු වූ පරිදිම අපූරු රංගනයක නිරතවන්නේය. නරඹන්නා කිසි ලෙසකින්වත් සිනමාපටයෙන් නොමිදෙන පරිද්දෙන් අපූරු ක්‍රියාදාම ප්‍රතිභාවක් ආරූඪ කරගනිමින් බොබ් ක්‍රියාශීලී රංගනයක නියැලෙන්නේය.
iIya Naishuller අධ්‍යක්ෂක තැන ප්‍රශංසනීය කර්තව්‍යයක මෙහිදී නිරතව ඇත්තේය. ක්‍රියාදාම දර්ශන අපූරුය. Violence ය. වයස්ගත , දරුණු අපූර්ව ක්‍රියාදාම වීරයෙක් මෙහිදී ඔහු නිර්මාණය කරන්නේය. ක්‍රියාදාම සිනමාපට නිර්මාණයට කදිම අධ්‍යක්ෂක ප්‍රතිභාවක් ඔහුට ඇතිබව ශපථ කරන්නේය . සිනෙමැටොග්‍රැෆි උදෙසා සියලු ගෞරවය Pawel Pogorzelski වෙත ලබා දීම අත්‍යන්තය . ඔහු උපරිමය සිදුකර ඇත්තේය. හච් නම් මැදිවයස් ක්‍රියාදාම වීරයා නිර්මාණය කරන්නට ඔහුගේ දායකත්වය කෙබදුදැය් නරඹන්නා මෙය නැරඹීමේදී පසක් කොට ගත යුත්තකි.
එසේ හෙය්න් ක්‍රියාදාම ත්‍රාසජනක ශානරය ප්‍රිය කරන්නන් නිසැකවම ලබා ගත යුතු සිනමා අත්දැකීමක් ලෙස Nobody ප්‍රශංසා මුඛයෙන් හදුන්වා දීමට පුලුවන.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment