Tokyo Story ( 1957)


 𝐓𝐨𝐤𝐲𝐨 𝐓𝐰𝐢𝐥𝐢𝐠𝐡𝐭 (1957)


Yasujiro Ozu යනු ජපන් සිනමාව පිලිබඳව සාකච්ඡා කිරීමේදී මගහැරිය නොහැකි ජපන් සිනමාවේ පුරාවෘත්තයක් බදු සිනමාකරුවෙකි සමාජය තුල ගතානුගතිකව විකාශනය වන්නා වූ මානව ජීවිත සිනමාත්මකව විවරණය කිරීමෙහිලා අති විශිෂ්ඨයෙක් වන Yasujiro Ozu නම් එකී අසහාය සිනමාකරුවාගෙ සිනමාව , සිනමාව ප්‍රිය කරන සැවොම පාහේ නිසැකවම කියවිය යුත්තකි 


Yazujiro Ozu මහතාගේ සිනමාපට අතරින් ඔහු අධ්‍යක්ෂණය කල අවසාන කළු-සුදු (Black And White ) සිනමාපටය ලෙස ජපන් සිනමා ඉතිහාසය තුල බිහි වූ විශිෂ්ඨතම නිර්මාණ අතරින් එකක් ලෙස ඇගයෙන්නා වූ Tokyo Twilight සිනමාපටය පෙන්වා දිය හැක. සමහර සිනමා විචාරකයන්ට අනුව Yazujiro Ozu මහතාගේ සිනමාපට අතරින් Tokyo Twilight සිනමාපටය දෙවනි වන්නේ ජපානය තුල බිහිවූ උත්කෘෂ්ඨ ම සිනමාපටයක් ලෙස ඇගයෙන Tokyo Story සිනමාපටයට පමණි Yasujiro Ozu මහතාගේ Tokyo Story සිනමාපටය Akira Kurosawa මහතාගෙ Rashomon සිනමාපටයට පසු ජපාන සිනමාව බිහිවූ හොදම සිනමාපටය යැය්ද පිලිගනු ලැබේ


1957 වසරේ නිර්මාණය වන Tokyo Twilight සිනමාපටය සාම්ප්‍රදායික ජපන් කුටුම්භයක මානව චිත්තවේග හැසිරීම් හා ඔවුන්ගේ සමාජ ගනුදෙනු පව්ලක උද්ගත කරන්නා වූ අනුකම්පා සහගත වාතාවරණය මෙන්ම පව්ල් සංස්ථාව තුල මාපිය සබදතාව දාරකයන්ගේ ජීවිත හා ඔව්න් ගනු ලබන්නා වූ තීරණ උදෙසා සෘජුව හෝ වක්‍රව බලපාන්නා ආකාරයද විග්‍රහ කරන්නකි


ජපානයේ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙකු වන Sugiyama ගේ දියණියන් දෙදෙනා වන්නේ Akiko  සහ Takako හැදී වැඩී ඇත්තේ ඔවුන්ගේ මව පවුල අතැහැර ගිය පසු පියා සෙවනේ තනිවමය  මෙය වැඩිහිටි වියට පත්වන තරුණියන් දෙදෙනාට ඇතිකරනුයේ එක්තරා ආකාරයක මානසික ගැටුමකි තරුණ අවිවාහක Akiko තබෑරුම් හා අවන්හල්  වල සැරිසරමින් තම පෙම්වතා සොයමින් සිටින අතර එක් දරු මවක් වූ Takako ඇගේ මත්ලෝලී එහෙත් උගත් සැමියාගෙන් ඈට යොමු වන අඩු අවධානය නිසා ඔහු හා විරසකව  පියා වූ Sugiyama ගේ නිවසට පැමිණ එහි ජීවත් වේ කාලයාගේ ඇවෑමෙන් Akiko  , Takako හා ඔවුන්ගේ පියාවන Sugiyama ගේ ජීවිත වල සිදුවන පරිවර්තනය මෙම සිනමාපටයේ වස්තු බීජයය්


Yasujiro Ozu ගේ විචක්ෂණශීලී මෙන්ම මනා සංයමයකින් යුතු අධ්‍යක්ෂණය මෙම කැළඹිලි සහගත සිද්ධීන් සහ දුක්ඛිත අවසානයකට යොමු වන මධ්‍යම පාන්තික පවුල උදෙසා දාර්ශනික විවරණයක් ගෙන එය් මෙහි එන මැදිවියේ ව්‍යාපාරිකයා නිහඩව පශ්චත්තාප වන්නේ ඔහුගේ වැඩුණු දියණියන් දෙදෙනා නොසතුටින් සිටින බැවිනි. වෙනත් තරුණයෙකුට ප්‍රේම කලද උගත් තරුණයෙකු සමග විධිමත් විවාහයකට එකඟ වූ වැඩිමහල් දියණිය තම තම ස්වාමියා නිතරම බීමත්ව සිටීමත්, ඔහුගේ වැඩකටයුතු වලටත් අවධානය යොමු කිරීම හැර ඈ පිලිබඳව යොමු කරන්නා වූ අවධානය අල්ප බව වටහා ගෙන ස්වාමියා අතහැර දරුවා තනිව උස්මහත් කිරීමට දරදඩු තීරණයක් ගන්නේය එය පියා වූ Sugiyama හට මහත් මානසික පීඩනයකි , බාල දියණිය වූ Akiko  සූදුව ප්‍රිය කරන්නා වූ වගකීම් විරහිත සල්ලාල තරුණයෙකු සමග රහසේ පෙම් සබදතාවක් ඇති කර ගනී එය පියා වූ Sugiyama නොදන්න මුත් Akiko ගේ ව්‍යාකූල හැසිරීද Sugiyama හට තවත් චිත්ත පීඩනයකි Akiko ගේ Takako  ගේ හා ඔවුන්ගේ පියාගෙ චිත්තවේගයන්හි හැසිරීම් සියුම් ලෙස සිනමාපටය තුල විවරණය කිරීමට Yasujiro  සමත් කම් දැක්වීම අගය කල යුතුමය ඔහු විසින් මෙහි මානව සබදතා හා මානව චිත්ත සන්තානය තුල ඇතිවන හැගීම් සමාජය තුල හා කුටුම්භයක් තුල ඇති කරන්නා වූ හැල හැප්පීම් සියුම්ව සිනමාවට ග්‍රහණය කර ගන්නා අයුරු ඔහුගේ විශිෂ්ඨත්වයේ සලකුණය් 


අතිවිශිෂ්ඨ තිරපිටපතක් , අති සාර්ථක කැමරා අධ්‍යක්ෂණයක් හා සංස්කරණයක් මෙන්ම Chishu Ryu , Setsuko Hara , Ineka Arima ගේ මහත් සංයමයකින් යුතු හා අති සාර්ථක රංගනයකින් යුතු මෙම සිනමාපටය මාතෘ අත්හැරීම , බිඳුණු පවුල් සහ අදූරදර්ශි ව ඇති කර ගන්නා සම්බන්ධතා සියුම්ව හා සාර්ථකව ගැඹුරින් විග්‍රහ කරන්නකි  එසේම මෙය Yasujiro Ozu සිනමාකරුවගේ බොහෝ සිනමා කෘතිවලට වඩා තරමක් අඳුරු සමාජ විග්‍රහකට පිවිසෙන්නකි එබැවින් සිනමාව ප්‍රිය කරන ඔබ විසින් නැරඹීය යුතුම සිනමාපටයකි Tokyo Twilight සිනමා වියමන

                                              🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts