The Irishman ( 2019)


 The Irishman 


I Heard You Paint House නම් අග්‍රගණ්‍ය ග්‍රන්ථය පාදක කර ගනිමින් අපූරු හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක Martin Scorses විසින් අධ්‍යක්ෂණය කල පසුගිය වසරේ Netflix ආයතනය මගින් නිෂ්පාදනය කල අග්‍රගණ්‍ය අපූරු සිනමාපටයකි The Irishman


ෆ්‍රෑන්ක් ශීරාන් අයර්ලන්ත ජාතිකයෙකි ඔහු පෙන්සිල්වේනියාවට මස් ප්‍රවාහනය කරන ආයතනයක ට්‍රක් රථ රියදුරකු ලෙස කටයුතු කරය් පසුව ඔහු කුඩාවට අමතර මුදලක් සොයා ගැනීම උදෙසා එම ප්‍රවාහනය කරන මස් ගාත    සොරකම් කර විකිණීමට පෙලඹෙය් ඒ අනුව ඔහු කෙමෙන් කෙමෙන් කෙමෙන් ඔහු එසේ විකුණන මස් ගාත සංඛ්‍යාව වැඩි කරමින් සිට අවසානයේ වරක් ඔහුට ප්‍රවාහනය කිරිමට දුන් සියලුම මස් ගාත තොගය හොරෙන් විකුණනය් පසුව ඔහුට සොරකම් කිරීම පිලිබඳව නඩුවක් වැටෙන අතර ඔහු ඉන් ඉතා පහසුවෙන් බේරෙයි  පසුව කෙමෙන් කෙමෙන් බුෆෙලිනෝ අපරාධ කණ්ඩායමට එක් වන අතර ඔහුගේ මාෆියා සබඳතා , අපරාධ ක්‍රියා , මාෆියා කණ්ඩායම තුල ඔහු කෙමෙන් නැගී සිටීම මෙන්ම ෆ්‍රෑන්ක් ශීරාන් ජිමී හෝෆා සමග  ඇති කරනා මිත්‍ර සබදතා ව නිසා ඔහුගේ දිවියේ සිදු වෙන පරිවර්තනය වීම් , ඇමරිකානු දේශපාලනය හා බැදි අපරාධ මෙන්ම ඇමරිකානු ඉතිහාසයේ විශේෂ අවස්තා වල ෆ්‍රෑන්ක් හා ඔහුගේ අපරාධ කල්ලියේ කුඩා කාර්‍ය භාරය මෙම සිනමාපටය තුලින් දිගහැරෙය් 


I heard You Paint House නම්  ග්‍රන්ථය පාදක කර ගෙන ලියා ඇති මෙහි තිර පිටපත Steave Zalliyan විසින් රචනා කර ඇත්තකි එය කිසිවිටක සුලුකොට සැලකිය නොහැකි අභියෝගාත්මක තිර රචනයක් ලෙස හැදින්විය හැකිය  අව්‍යාජ මෙන්ම වෙනස් කතා තේමාවක් ප්‍රධාන කතාව තුල උප කතාන්දර රැසක් කියමින් ඔහු පෙන්නුම් කරන ප්‍රතිභාව අගය කල යුක්තකි මෙහි Steave  භාවිතා කල ඇති සිනමා ආඛ්‍යානය පුදුම සහගතය මෙහි කතාව මුලුමනින්ම පාහේ එක් පුද්ගලයෙකුගේ අතීතආවර්ජනයකි ඔහු ඔහුගේ කතාව අපට පවසන අතර සමහර කරුණු නොපවසය් එසේම ඔහු අත් දුටු හොදින් දන්නා කියන කරුණු පවසන අතර ඔහු අසා ඇති කරුණුද පවසය් Steave මෙවැනි ලක්ෂණ පෙන්වීමට සුදුසුම සිනමා ආඛ්‍යානය යොදා ගෙන ඇති බව මගේ හැගීමය් කිසි විටක තිර පිටපතේ අව්‍යාජ භාවයට , ශක්තිමත් භාවයට කෙලෙසින්වත් බලපෑම් නොකරන ලෙස ඔහු මෙහි තිර පිටපත සකසා ඇතැයි මා පැවසුවොත් එය අතිශයොක්තියක් නොවේ 


එසේම මෙහි තිරකතා කරුවා මෙහි ඔහු යොදා ගන්නා චරිත පිලිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැහැදිලි කරුණකි . එසේම ඔහු අය්රිශ් ජාතික ෆ්‍රෑන්ක් ශීරාන් ප්‍රමුඛ චරිත පිලිබඳ කතාව තුල අවධානය යොමු කරන ආකාරය  මෙන්ම එම චරිත විග්‍රහ කිරීම සදහා එම චරිත සදහා එබී බලා ඇති ආකාරය තුලින් ප්‍රේක්ශකයාට අපරාධකරුවන් ගේ වුවත් චරිත වල ඇති මානුෂික චරිත ලක්ෂණ හොදින් අවබෝධ කරගන්නට හැකියාව ඇත අප විටක අපරාධ කරුවන් මනෝව්‍යාදීන් ලෙස දුටුවද මෙහිදී අප ඔවුන්ගේ ජීවිත තුලට එබී බලා විටක ඔවුන්ගේ මිතුරන් ලෙසත් , විටක  ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලෙසත් දකින්නට හැකිවෙයි සරලව කියතොත් මෙහි චරිත තුල සැගව ඇති අලු පැහැ මිනිස් ලක්ෂණ , මනුශ්‍ය ජීවිතයේ විවිධ  පැතිකඩවල් සියුම්ව ස්පර්ශ කරමින් සාර්ථකව ප්‍රේක්ශකයා අභිමුඛයට ගෙන ඒමට මෙහි තිරකතා කරුවා සාර්ථකව සමත්ව ඇත 


මෙම තිරපිටපතේ දීර්ඝ බව නිසාම මෙම තිර පිටපතේ බොහෝ අය පෙන්වා දෙන දුබලතා කිහිපයක් ද හදුනා ගන්නට හැකිය ඉන් එකක් වන්නේ මෙහි දෙබස් භාවිතය් මෙහි කතාව කීම සදහා  පුදුම සහගත ප්‍රමාණයක දෙබස් සංඛ්‍යාවක් අඩංගු කර ඇත එම දෙබස් පවා ඉතා ආකර්ෂණීය ලෙස කදිමට නිර්මාණය කර තිබුනද ඉන් මෙම තිරපිටපත තුල නොමදව රැදිය යුතු ප්‍රචණ්ඩත්වය විග්‍රහයේදී එම ප්‍රචණ්ඩ හැගීම ප්‍රේක්ශකයන්ට දැනීම අවම කලේ දැය් විටක සැක පහල වෙය් 


තවද මෙම සිනමාපටයට එල්ල වන ප්‍රධානම චෝදනාවක් වන්නේ කතාව ගලාගෙන යාමේ මන්දගාමී භාවයක් තිබේය යන්නයි නමුත් මා පෞද්ගලිකව එවැනි ලක්ෂණයක් අත්නොවිදිය අතර කවරෙකු හෝ එසේ අත්විදිනවා නම් ඊට හේතු කාරකය වන්නේ මෙම චරිත බොහොමයක් යොදා ගනිමින් ප්‍රධාන කතාව තුල තවත් කතාන්දර කියමින් මෙහි මුලු තිර රචනාවම සංකීර්ණ සංකල්පයක් මත යැපුණු සංකීර්ණ තිර පිටපතක් වීමය් කෙසේ වෙතත්  සමස්තයක් ලෙස ගත් කල මෙමසිනමාපටයෙහි තිර පිටපත අතිවිශිෂ්ඨ තිර පිටපතක් බව මාගේ හැගීමය් 


මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ කවදත් සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නිර්මාණ කිරීමට ප්‍රියතාවයක් දක්වන සිනමා අධ්‍යක්ෂක  Martin Scorses විසින් ඔහු සැමවිටම සිනමා ව්‍යාකරණයෙන් පොහොසත් සිනමාකරුවෙකි  ඔහුගේ Departed වැනි සිනමාපට නැරඹුවෙක් නම් මා ඔබට එය පහදා දිය යුතු නොවේ සුපුරුදු පරිදි ඔහු  Irishman  තුලින්ද අති සාර්ථකයි 


ආරම්භයේදීම ආකර්ෂණීය කැමරා මානයකින් යම් ශාලාවක් හරහා ප්‍රධාන චරිතය සමීපයට අප ගෙන යන ඔහු කිසි විටක අපට සිනමාපටයෙන් මිදෙන්නට අවස්තාවක් ලබා නොදෙයි නාට්‍යයමය අවස්තා ඉතා කදිමට නිර්මාණය කරමින් ද සමහර සිද්ධීන් වල උපරිම නාටයෝචිත අවස්තා වලදී ප්‍රෙක්ෂකයාව ගැඹුරු සිනමා රසයක අතරමං කරමින් සිනමාපටයේ මූලික හරය ප්‍රේක්ශකයාට හොදින් පහදා දෙය්


  එසේම  Martin Scorses  මෙහි සංගීත අධ්‍යක්ෂණය හා විශේෂයෙන් මෙහි සංස්කරණය පිලිබඳ ඉහල අවධානයක් යොමු කර ඇති බව පැහැදිලි කරුණකි සිනමාපටයේ එම අංශ සිනමාපටය කෙරෙහි උපරිම බලපෑමක් එල්ල කරනවා සේම සිනමාපටයට අමුතුම අනන්‍යතාවක් පවත්වාගෙන යන්නෙර් ඒ නිසාවෙන් බව මාගේ විශ්වාසයය් තවද

සාර්ථක ලෙස නලුනිලියන් මෙහෙයවන ලබන Martin Scorses  Robert De Niro , Al Pacino ,Joe Pesci ආදී රංගධරයන්ගෙන් ලබා ගත හැකි උපරිම දායකත්වය සිනමාපටය වෙත ලබා ගනියි අව්‍යාජ ලෙසත් තාර්කික මෙන්ම තාත්ත්වික ලෙසත් දර්ශන නිර්මාණය කරමින් මෙන්ම සාර්ථක ලෙස සිනමා සංකේත භාවිතා කරමින්  Martin Scorses සුපුරුදු පරිදි  අති විශිෂ්ට සිනමා අධ්‍යක්ෂණ ප්‍රතිභාවක් Irishman තුලිනුත් ප්‍රේක්ශකයන්ට සමීප කල බව මාගේ හැගීමය් 


චරිත බොහොමයක් යොදා ගෙන නිර්මාණය කර ඇති මේ සිනමාපටයේ ප්‍රධාන චරිත මවන්නේ Robert De Niro , Al Pacino, Joe Pesci යන තිදෙනා විසින් ඔවුන්ගේ මෙම අතිවිශිෂ්ඨ සුසංයෝගය සිනමාපටයට ලබා දෙන ජවය මෙතෙක් යැය් පැවසීමට නොහැකි තරමේ පවතියි එතරම්ම විශිෂ්ට රංගනයක් ඔවුන් තිදෙනා මෙම සිනමාපටය තුල විදහාපාන්නට සමත්ව තිබෙයි මැදිවයස් පුද්ගලයෙකුගේ සිට   ජීවිතයේ අවසානය ගෙවන වයස්ගත පුද්ගලයෙකු තෙක් Robert De Niro හා Joe Pesci  දක්වන රංගන ප්‍රතිභාව ඉතාමත් ආකර්ෂණීයය් , සංවේදනීය් ,පුදුම සහගතය් සිනමාපටයක් උදෙසා රංගන වේදියෙකුට ලබා දිය හැකි උපරිම දායකත්වය  Robert De Niro  විසින් මීට ලබා දී ඇති බව මාගේ අදහසයි 


සමස්තයක් ලෙස මෙම සිනමාපටය තවත් එක් සිනමාපටයක් නොව අති විශිෂ්ට ගනයේ ලා වර්ණනා කල හැකි කලාත්මක පරිසමාප්තියට පත් සිනමාපටයක් ලෙස හදුන්වන්නට කැමැත්තෙමි ඔබ ගැඹුරු සිනමා නිර්මාණයක අතරමං වනු රිසි නම් මෙම සිනමාපටය ඔබට ඊට අවශ්‍ය මංපෙත් අනිවාර්යයෙන් විවර කරාවි 


ඔබට තවමත් මෙම සිනමාපටය නැරඹීමට නොහැකි වූවා නම් අනිවාර්යයෙන් නරබන්න උත්සාහ කරන්න එය ඔබට විශිෂ්ට සිනමාපටයක පහස ලබා දෙනු නොඅනුමානය

                                                  🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts