The Eight Hundred ( 2021)
The Eight Hundred ( 2021)
චීන සොල්දාදුවන් 411 ක් ෂැංහයිහිදී යුධයක.!!
1937 දී චීනයේ ෂැංහයි නුවර ජපන් හමුදාව අභිමුඛයෙහි බිද වැටෙන්නේය. ජාත්‍යන්තර යුධ ප්‍රබල රාජ්‍යන්හි අවධානය ලබා ගැනීම උදෙසා Sihang ගබඩා ගොඩනැගිල්ලට රැකවල්ලෑමට එන චීන සෙබලුන් ෂැංහයිහිදී නැවතත් ආක්‍රමණික ජපන් හමුදා හා ගැටෙන්නේය. චීන සෙබලුන් ආදුනිකයෝය. ඉතා කෙටි කලක යුධ පුහුණුවෙන් පසුව යුධයට එක් වූ ගොවියෝය , නව යොවුන් වියේ තරුණයෝය. පුහුණුව ලැබූ සෙබලුන් යුධයෙන්ම වෙහෙසට පත් වූවොය. එහෙය්න් මොවුනට පරිණත මෙන්ම අනුකම්පා විරහිත ජපන් සෙබලු හා ගැටීම පහසු කටයුත්තක් නොවන්නේය. නමුදු කෙසේ හෝ Sihang ගබඩා ගොඩනැගිල්ලට පසුබෑමට චීන සෙබලුන් සමත් වන්නේය.
ගොඩනැගිල්ලට පසුබෑ දිවි රැකගත් චීන සෙබලුන් 411 හා ප්‍රබල ජපන් හමුදා අතර රුදුරු සටන් ඇතිවනුයේ ඉන් ඉක්බිතිවය. ජපානය හැකි සෑම අයුරකින්ම ගබඩාවට පහර දෙන්නේය. මේ යුධ ගැටුම් අතරෙහි චීන සෙබලුන් පසු නොබසින බවත් , ඔවුන් යටත් නොවෙමින් නොබියව සටන් කරන බවත් ජාත්‍යන්තර ප්‍රබලයන්ට පෙන්වන මොවුහු , චීන සෙබලුන්ගේ එකමුතු භාවය , වීරෝධාර භාවය මෙම යුධ ගැටුම දෙස බලාසිටින්නා වූ චීන සිවිල් වැසියන්ට ඒත්තු ගන්වමින් ඔවුන් තුල නව බලාපොරොත්තු මෙන්ම , දේශය කෙරෙහි හැගීමක් හා වීරත්වයක් ජනිත කිරීමට වෙර දරන්නෝය. The Eight Hundred හි ප්‍රස්තුතය එයය්.
ප්‍රකට චීන සිනමාකරු Guan Hu විසින් මෙහි අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේය. IMAX කැමරා තාක්ෂණය භාවිතා කොට රූගත කල ප්‍රථම ආසියානු සිනෙරුව වන්නේද මෙයය. චීන්නුන්ට IMAX තාක්ෂණය හසුවූ කල්හි මෙවැනි නිර්මාණයන් නිපදෙන බව මා වටහා ගත්තේ මෙය නැරඹු ඉක්බිතිවය
සත්‍ය සිදුවීමක් සිනමාවට නැගීමේදී සිනමාකරුවන්ට එය මහත් වූ අභියෝගයක් බවට නිරායාසයෙන්ම පත්වන්නේය. එය යුධ සිනෙරුවක්නම් එය අතිශය සංකීර්ණ අභියෝගයක්ය. Guan Hu එකී අභියෝගය අතිසාර්ථකත්ව ජයගන්නේය. නරඹන්නාට මෙන්ම විචාරකයාට මෙහි අතිවිශිෂ්ඨත්වය වැනීමට අවැසි අඩුමකුඩුම බොහෝය.
ඉන් එකක් වනුයේ මෙහි සිනෙමැටොග්‍රැෆි භාවිතාවයි. වැල් බය්ලාවන් අතිශයොක්ති අවශ්‍ය නැත. යුධ සිනෙරුවක පරිසමාප්තියට අවැසි උපරිමාකාරයෙන්ම මෙහි සිනෙමැටොග්‍රැෆි භාවිතාව ඇත්තේය. දර්ශන අතිශය ප්‍රබලය . වර්ණ භාවිතය ප්‍රශස්තය. තේමාවනුකූලව අනවශ්‍ය දර්ශන මෙහි නැත. අතිශය තියුණු මෙන්ම උද්වේගකර දර්ශණ වලින් මෙය පොහොසත්ය. මෙහි සිනෙමැටොග්‍රැෆි හා වර්ණ භාවිතය හා ඒ ප්‍රබල දර්ශණ නිර්මාණය වචනයෙන් පැවසිය නොහැකි තරම් පරිසමාප්තියට පත්ව ඇත්තේය.
නරඹන්නාගෙ රුධිරයට ඇඩ්‍රනලීන් පොම්ප කරන්නාසුලු මෙම සිනෙරුවෙහි ක්‍රියාදාම දර්ශනයන් ගෙන මා සදහන් නොකලහොත් එය පාපයකි. මා මෙහි සියලුම ක්‍රියාදාම දර්ශන ප්‍රශස්ථ මෙන්ම යථාර්තවාදි ස්වරූපයක් ගැබ්ව ඇතැය් පැවසුවහොත් එය අතිශයොක්තියක් නොවන්නේය. මන්ද යත් එය එසේය. ක්‍රියාදාම දර්ශන සියල්ලම පාහේ ඉතාම සාර්ථකව මෙන්ම මෙය මෙසේ විය හැකිය් යන්න නරඹන්නාට ගම්‍ය වන අයුරින් ඉදිරිපත් කරවීමට Guan Hu අධ්‍යක්ෂක තැන සමත්ව ඇත්තේය.
චීන සිනමාකරුවන් කවදත් යුධ මෙන්ම ක්‍රියාදාම ත්‍රාසජනක සිනමාපට උදෙසා දක්වනුයේ වෙනස්ම ප්‍රතිභාවකි. එය වෙනත් සිනමා කර්මාන්තයන්ගෙන් වෙනස් වූ අපූර්ව අත්දැකීමකි. මෙය එය තෘප්ත කරවන්නකි. මා එව බලව යන විධානය මේ සිනෙරුව අරබයා එක සිතින් ඔබට ලබාදෙනුයේද එහෙය්නි.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment