The Blue Gardenia ( 1953)


 The Blue Gardenia ( 1953)


Fritz Lang සිනමාව ප්‍රියකරන්නන් හට එතරම් ආගන්තුක නාමයක් නොවේ. සිනමාවට අපූර්වත්වයක් එක් කල , යුරෝපීය මෙන්ම හොලිවුඩ් සිනමාව දශක ගණනාවක් අර්ථවත් කල ප්‍රතිභාපූර්ණ අපූර්ව සිනමාකරුවෙකු ලෙස මා Fritz Lang හැදින්වුවහොත් එය අතිශයොක්තියක් නොවේ. 


සිනමාව තුල එදාමෙදාතුර බිහි වූ විශිෂ්ඨතම විද්‍යාප්‍රබන්ද සිනෙරුවක් යැය් සැලකෙන Metropolis ( 1927) සිනමාපටය , දාම ඝාතකයෙකු දෙස මානුෂවාදීව දෘෂ්ටි හෙලූ  M ( 1931) වැනි සිනෙරුවන් Fritz Lang ගේ සිනමාකරණයේ පරිපූර්ණත්වයට කදිම නිදසුන්ය.


The Blue Gardenia සිනෙරුවද Fritz Lang විසින් නිර්මාණය කල අපූර්ව ආශ්වාදජනක සිනෙරුවකි. Fritz Lang විසින් නිර්මාණය කල අනෙකුත් නිර්මාණ සමග සැසදීමේදී යම් පසුබෑමක් මෙහි දැනුනද , The Blue Gardenia තුල අපූර්ව සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයහට තිලිණ කිරීමට අවැසි අඩුම කුඩුම බොහෝය.  මෙම සිනමාපටයේ මෙන්ම Fritz Lang විසින් 1946 දී නිර්මාණය කරන්නට යෙදුන Cloak And Dagger හීද එකී ලක්ෂණය දැකිය හැකිවිය .


නෝරා දුරකතන ක්‍රියාකරවන්නියකි. ඇගේ උපන්දිනයදා ඈ විසින් අහම්බෙන් හදුනා ගත් පුද්ගලයෙකු වූ හැරී ප්‍රෙබල් හා රාත්‍රී ආහාරය ගන්නේ ඇගේ වූ හිත් පීඩාවකට ඉන් යම් පිටුවහලක් ලැබේ යය් සිතමිනි. හිත් පීඩාව නිසාවෙන්ම දැඩිව මත්පැනින් මත්වන ඈ ප්‍රෙබල් සමග ඔහුගේ නිවසට යය්. එහිදී ප්‍රෙබල් විසින් ඈහට සිදු කිරීමට ගිය අකටයුත්තක් නිසා කිපුණු නෝරා ප්‍රෙබල්ව තල්ලු කර දමා එහි තිබූ කණ්නාඩියක් ද පහරදී සුනු විසුනු කර දමය්. රාත්‍රියේ ඇගේ නිවස කරා යන නෝරා පසුදා නැවත රැකියාව කරා පිටත් වෙය් එහිදී පසුදා රාත්‍රියේ ප්‍රෙබල්ව යමෙකු විසින් ඝාතනය කර ඇති බව ඈට සැලවෙය් . එම ඝාතනය කාන්තාවක් විසින් සිදුකලා යැය් පොලිසිය සැක කරන අතර එය දැනගත් නෝරා තමා තල්ලු කල හෙය්න් ප්‍රෙබල් මියෙන්නට ඇතැය් සිතා ගැටලු රැසකට මැදි වෙය් .


නෝරා විසින් සැබවින්ම ඝාතනය සිදු කලේද, අනපේක්ෂිත ලෙස නෝරා අතින් සිදු වූ වරදින් නෝරා මිදෙනුයේද නැද්ද යන්න මෙම සිනෙරුවෙන් දිගහරිනු ලබය්.


අනපේක්ෂිත සිදුවීම් මනුශ්‍යන්ට කෙතරම් පීඩාකාරී ගැටලුකාරී වාතාවරණ ඇති කලද . ජීවිතය යනු එයය්. දෛවෝපගතව අනපේක්ෂිතව මුහුණ පෑමට වන සිදුවීම් වලින් පීඩිත වූවන්ටද දෛවය විසින්ම එකී පීඩාවෙන් මිදීමට උපකාර වන කරුණු මෙන්ම මිනිසුන්ද සමීප කරවන්නේය. එහෙය්න් ගැටලුවෙන් පලා නොගොස් ඊට මුහුණ දිය යුතුය. නෝරා ලවා නරඹන්නාට එය පසක් කරවන ෆ්‍රිට්ස් ,

ප්‍රෙබල් ලවා පවසනුයේ මනුශ්‍ය හැගීම් සමග වගකීම් විරහිතව සිදු කරන ගණුදෙනුවෙහි අවසානය මහත් වූ ඛේදයක් බවය්.  එකී උභය කාරණා සිනෙරුව තුලින් නරඹන්නාට ඉතාමත් සැහැල්ලුව මෙන්ම සියුම්ව පසක් කරවන්නට ෆ්‍රිට්ස් සමත්ව ඇත්තේය. 


ඔහු සිනෙරුව ආරම්භයෙදී ප්‍රේක්ෂකයා ව්‍යාකූල නොකරන්නේය. ඒ වෙනුවට ඔහු විසින් ප්‍රේමවෘතාන්තයක සෙවනැල්ලක් සිනෙරුවට පතිත කරවා ඇත. "මෙය ප්‍රේමවෘතාන්යකි" නරඹන්නා ආරම්භයේදී එසේ සිතන්නේය. නෝරා මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීමෙන් නෝරා සමග නරඹන්නාද කැලඹවීමට ෆ්‍රිට්ස් සමත් වන්නේ ඒ නිසාය. අවසානය තුල ෆ්‍රිට්ස් විසින් කතාන්දරය නැවත හරවන්නේය. එය මහත් ආශ්වාදයකි. 


මා ඉතාමත් ප්‍රිය මෙහි ෆ්‍රිට්ස්ගේ සංඛේත භාවිතය හා Nicholas Musuraca ගේ සිනෙමැටොග්‍රැෆි ආනුභාවයෙන් නිර්මාණය වන රසාලිප්ත දර්ශන සමූහයටය. නෝරාගෙ චින්තනයන්හි හැසිරීම් ස්වභාවය මෙන්ම නෝරාගෙ ඉදිරි ඉරණම ෆ්‍රිට්ස් විසින් සංඛේතාත්මකව ප්‍රේක්ෂකයා හට දැනවීමට යොදා ගත් දර්ශන පිලිබදව ඇති වනුයෙ මහත් ප්‍රශංසනීය හැගීමකි. 


මිනීමැරුම් සිද්ධියක පුවත්පත් මාධ්‍ය ආවරණය විසින් සිද්ධිය විසදනු ලබන ආකාරයේ ආඛ්‍යානයක් ෆ්‍රිට්ස් විසින් මෙම සිනෙරුව නිර්මාණයේදි භාවිතා කර ඇත. එනම් මෙම සිනෙරුව තුල අපරාධය විසදීමට පොලිසියට සහය වන්නේද , නිවරදිකරුවන් ඉන් මුදවා අපරාදකරුවන් නීතියට කොටු කරනුයේද පුවත්පත් මාධ්‍යවේදියෙකු හා ඔහුගේ පුවත්පත විසිනි . ඔව්න් සිදු කරන මාධ්‍යමය විමර්ශනය විසිනි. 


එම ආඛ්‍යානයම යොදා ගනිමින් තවත් සිනෙරුවන් ද්විත්වයක්   ෆ්‍රිට්ස් විසින් අධ්‍යක්ෂණය කර ඇත. ඉන් පලවැන්න වන්නේ Blue Gardenia චිත්‍රපටයය්. 

දෙවැන්න While the City Sleeps (1956 ) චිත්‍රපට වන අතර තෙවැන්න වන්නේ Beyond a Reasonable Doubt (1956 ) චිත්‍රපටයය් . මෙය Fritz Lang ගේ Newspaper Noir ත්‍රියොලොජිය ලෙස හදුන්වය්


                                                🖋️     හිරුෂ කසුන්


Comments

Popular Posts