Soul ( 2020)


 Soul ( 2020) 


ඔබ ඔබමද ??


මා සජීවිකරණ සිනෙරුවක් හි සිරවීමි. පුරා පැයකුත් තව අඩපැයක් මා එහි සිරවීමි. Soul හි ජෝ තුලින් මා මාව සෙව්වෙමි. ජෝ විසින් ඔහුගේ අභිලාෂයන් හා පොර බදින විට මාද මගෙ අභිලාෂයන් හා පොර බැද්දෙමි. ජෝ විසින් ජෝව සොයා ගන්නා විට මම මාතුලින් මා සොයා ගත්තෙමි . හිතවතුනි මෙය දැහැනක්. ඔබට ඔබ සොයා ගැනීමට උත්තේජනය කරවන දැහැනක්. සමවැදෙන්න  මෙයට සොයා ගනීවි ඔබ ඔබව ඔබතුලින්.


Pixar ලෝගුව ඇනිමේෂන්  සිනමාපටයක පූර්ව ප්‍රචාරක පෝස්ටරයක දැකීම පමණක් ප්‍රමාණවත් මාහට ඇනිමේෂන් සිනමාපටයක ගුණාත්මක භාවය මැන ගැනීමට. ඇනිමේෂන් සිනමා නිර්මාණ රසවිදීමට ප්‍රිය කරන්නන් හට නිරන්තරයෙන්ම එකි සිනමා ප්‍රවර්ගය තුල නිරන්තරයෙන් ම නව මානයන් සමීප කරන්නන් ලෙස Pixar ප්‍රකටය. දෙසැම්බරයේ නිකුත් වූ Soul ( 2020) ඔව්න්ගේ නැවුම්ම ඇනිමේෂන් සිනමාකරණයය්. 


inside Out , Up , Monsters, inc වැනි ඇනිමේෂන් සිනමාපට නැරඹූවෙකුට Pete Docter කවරෙකුදැය් ඇගිල්ලෙන් ඇන කිවයුතු නොවේ. Pete වර්තමාන ඇනිමේෂන් සිනමාවේ පෙරලිකරුවෙකි. ඔහු ඔහුගේ නිර්මාණ තුලින් නිරන්තරයෙන් දර්ශනවාදී අදහස් ඉදිරිපත් කරන්නට නැඹුරුතාවක් දක්වන්නෙකි. Soul තුලින්ද ඔහු එකී කාර්‍යය සාර්ථකව කර ඇත්තේය. 


ඔබ ජීවත් විය යුත්තේ මන්ද. ඔබගේ අභිලාෂයන් පූර්ණය කිරීම උදෙසාද.?. ඔබගේ ඉලක්ක අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසාද ? .. 

නැහැ...!! ඔබ වහල් විය යුතු නැහැ 

අභිලාෂයන්ට, ඉලක්ක , අරමුණු වලට වහල් වී ජීවිතය විදින්නට අමතක කල යුතු නෑ..!!


ඔබ විදින්න ඔබේ ජීවිතය ..!! සෑම දිනකම ජීවත් වන්න ..!! ඔබ ඔබව සොයාගන්න ඔබ ඔබම වෙන්න..!! ඔබගේ ආධ්‍යාත්මය සමග මුහුවන්න ජීවිතයහි සැහැල්ලු භාවය විදගන්න..!! ඔබගේ ආත්මයට කාවැදී ඔබ ඔබව සොයා ගන්න..!! එවිට ඔබ ජීවිතය තුල ජීවත් වේවි...!! විදවීම හා විදීම අතර පරස්පරය සොයා ගනීවි .. !! සෑම දිනකම ජීවත් වන්න උගනීවි 


Soul විසින් ප්‍රේක්ෂකයා අභිමුඛයෙහි මනරම්ව සිතුවම් කරනුයේ එකී ජීවන දර්ශණයය් . Soul සමග ආත්මීය වන්න එය ඔබට ඔබව මුණගස්වාවි.


                                                    🖋️ හිරුෂ කසුන්


Comments

Popular Posts