Intruder ( 2020)
Intruder ( 2020)
ආගන්තුක සෙවනැලි
ත්‍රාසජනක සිනමාපට විශයෙහි කොරියානු සිනමාකරුවන් ප්‍රකට කරවනුයේ අපූර්ව ප්‍රතිභාවකි. එකී ශානරය තුල නිරන්තරයෙන් පෙරලිකාර නිර්මාණයන්හි නියෙලෙන කොරියානු සිනමාකරුවන් ඔව්න්ගේ නිර්මාණයන්හි ඔව්න්ගේ අනන්‍යතාව තබන අයුරු නරඹන්නාට සැමවිටම විවිධත්වයෙන් යුතු සිනමා අත්දැකීමක් සමීප කරවීමට සමත්ය. Intruder එකී කාරණය තෘප්ත කරවන්නකි .
Seo Jin ගොඩනැගිලි නිර්මාණකරුවෙකි. හෙතෙම අනතුරක් හෙය්න් මිය ගිය සිය බිරිදගේ අකල් මරණය හේතුකොටගෙන දැඩි සේ පීඩිතය. සිය දියණිය සමග වාසය කරන හෙතෙම බිරිදගේ මරණය අනතුරක් නොව ඝාතනයක් යන්න දැඩි සේ විශ්වාස කරන ඔහු මෝහන ප්‍රතිකාරයන්ට මුහුණ දෙනුයේ එය ඔහු තුලින්ම සොයා බලා සනාත කරගැනීමටය. නමුත් ඔහු කුඩා කල ඔහුගේ නොසැලකිලිමත් භාවය නිසා අතුරුදන් වූ ඔහුගේ සොයුරියගේ මතකයන් නිසාවෙන් මානසිකව ඉතාමත් දුර්වලය . එහෙය්න් මෝහන ප්‍රතිකාර ඔහුට ගෙන එනුයේ මානසික අස්ථාවරත්වයකි . මේ අතර ඔහුගේ අතුරුදන් වූ සොයුරිය Yoo Jin යැය් පවසමින් එක් කාන්තාවක් ඔහුගේ පව්‍ලට එක් වෙය්. මින් Seo Jin ගේ හා පවුලේ සිදුවන පරිවර්තනය මෙහි කතාන්දරයය්
මෙය Sohn Won-pyung ගේ අධ්‍යක්ෂණයක්. ඇගේ කුලුදුල් සිනමා අධ්‍යක්ෂණය මෙය බවද සදහන්. එහෙය්න්ම ඈ ආරම්භයේ සිටම මෙහි ඉතා ත්‍රීව්‍ර ලෙස ත්‍රාසය මෙන්ම කුතුහලය රදවා ගත් අයුරු අගය කල යුතුමය .
කතාන්දරය මුල සිටම අපැහැදිලි සිතුවමක් ආකාරයෙන් නරඹන්නා ඉදිරියේ තබන ඈ. එය කෙමෙන් කෙමෙන් පැහැදිලි කරනා අයුරු අපූර්ව ය. සිනමාපටය තුල ඈ විසින් හදුන්වා දෙන චරිතයන්හි ගුප්ත භාවය තුලින් නරඹන්නාට කුතුහලය සියුම්ව ජනිත කරවන ඈ දර්ශන නිර්මාණයදී සිනෙමැටොග්‍රැෆි මගින් දර්ශනයන්ට ලබා දී ඇති පන්නරය තත්පරයෙන් තත්පරය නරඹන්නා ගෙන යනුයේ ත්‍රාසය , කුතුහලය පිරි සිනමා අත්දැකීමකටය.
කොරියානු ත්‍රාසජනක සිනමාපටයන්හි විශේෂත්වයක් වනුයෙ ඔවුහු සිනෙරුවන් වෙත ලබා දෙන්නා වූ මානුශවාදී ස්පර්ශයය්. මෙහිද එසේමය . චරිත සියල්ල ගුප්ත හැසිරීම් ඇත්තන් වුවද සිනෙරුවෙහි උච්චතම අවස්ථාවන්හි ඔව්න්ට මානුශවාදී දෘෂ්ටි හෙලීමට Sohn Won-pyung කටයුතු කර ඇත.
නරඹන්නා වෙත ඇරඹුමේදී පටන් කතාන්දරය පිලිබදව ගැටලු රාශියක් සම්මුඛ කරවන තිරපිටපත ගැටලු ලිහනුයේ සිනෙරුවෙහි අවසන් අඩහෝරාවේදීය. එතැන් තෙක් තබ්බීරිව නරඹන්නාව සිනෙරුව හා රදවා ගන්නට තිරපිටපත සමත්ය. ත්‍රාසජනක සිනමා ලෝලීන්ට මා මෙය එක පිම්මේම නිර්දේශ කරන්නේද එහෙය්නි. ත්‍රාසජනක සිනමාලෝලීන් රසවිදිය යුතු අපූර්ව සිනමා වියමනකි මෙය.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment