Hope (2013)


 Hope (2013)

ඛේදාන්තය  හා ඛේදනීය විකාශනය සිනමාපටයක් තුලින් කෙතරම් දුරට ප්‍රේක්ශකයාහට සංවේදීව කාවැද්දිය හැකිදැය් යන අත්දැකීම නියමාකාරයෙන් ම ලගා කර ගත හැකි සිනමා අත්දැකීමක් ලෙස Hope (2013) කොරියානු සෙලියුලය්ටය හදුන්වා දිය හැක 


ඩොන්ග්-හූන් යනු රැකියාව හේතුවෙන් ඉතාමත් කාර්යබහුල පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ මි-හී  ද එසේම කාර්‍යබහුල කාන්තාවකි. දෙමව්පියන් ගේ මෙම නොවැලැක්විය හැකි කාර්‍යබහුලත්වය නිසාවෙන්ම ඔව්න් දෙදෙනාගේ 8 හැවිරිදි දියණිය සෝ-වින් (හෝප්) ඇගේ වැඩකටයුතු තනිව බලාගැන්මට  පුරුදු වී සිටිය්. සෝ වින් ගේ කාර්‍යබහුල පවුල ඔව්න්ගේ කාර්‍යබහුලත්වය කෙසේ වෙතත් ඉතාමත් සතුටින් හා සැහැල්ලුවෙන් ජීවත් වෙය් නමුත් බොහෝ දුරට ඩොන්ග් හූන්ට ඔහුගෙ කුඩා  දියණිය පිලිබඳව අවධානය යොමු කිරීම ඉහත කී කාර්‍යබහුලත්වයෙහි ආනුභාවයෙන් ගිලිහී යය්. දිනක් අධික වැසි දිනයක  තනිව පාසලට යන අතරවාරයේ සෝ-වින් මිනිසෙකු විසින්  පැහැරගෙන ගොස් අධික ලෙස ලිංගික පීඩා සිදු කර අමානුෂික අන්දමින් පහර දෙය්.  ඇය අසාධ්‍ය මට්ටමෙන් රෝහල් ගත කරය් ඇය කෙමෙන් කාලයාග්ගේ ඇවෑමෙන් සුව වුවද ඇයගේ ශාරීරික සුවය හැරුණු විට ඇයට මානසික සුවයද අවශ්‍ය වේ. සෝ වින් ගේ මේ ඛේදනීය වාතාවරණය  ඩොන්ග් හූන්ට හා ඔහුගේ බිරිදට උරුම කරනුයේ දරාගත නොහැකි මට්ටමේ ශෝකීයත්වයකි ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් අසරණ මෙන්ම ශෝකී හැගීම් වලින් පීඩිත වෙය්. මෙම දුක්ඛිත වාතාවරණයට වගකිව යුතු පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනිය් සෝ වින් මෙකී ඛේදනීය වාතාවරණයට මුහුණ දෙන්නේ කෙසේද ඩොන්ග් හූන් හා ඔහුගේ බිරිද මෙම ඛේදය  සමග ගණුදෙනු කරනුයේ කෙසේද සිනමාපටයෙන් මහත් වූ සංවේදී ලෙස මනා සංයමයකින් යුතුව විග්‍රහ කරනුයේ එයය්.


Hope සිනමාපටය නරඹන්නා වූ ඔබ අනිවාර්යයෙන් ම සංවේදීවී අනතුරුව කදුලු පිරි දෙනෙතින් යුතුව සිනමාපටය ආත්මීය කර ගන්නා බව මා නිසැකවම ශපථ කරන්නෙමි . එතරම්ම මෙම සිනමාපටය දර්ශනයෙන් දර්ශනය ඔබ ගෙන යන්නෙ දරා ගත නොහැකි මට්ටමේ සංවේදනීය හැගීමකටය. 


වරක් මහා සිනමාකරු ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක් විසින් මෙසේ පවසන්නට යෙදෙන්නේය සාර්ථක සිනමාපටයක් උදෙසා කරුණු තුනක් අත්‍යාවශ්‍ය වේ පලමුවැන්න වන්නෙ සාර්ථක තිරපිටපතකි දෙවැන්න වන්නේද සාර්ථක තිර පිටපතකි තෙවැන්න වන්නේද සාර්ථක තිරපිටපතකි Hope  සිනමාපටය හා එහි තිරපිටපත ඉහත කරුණ තෘප්ත කරන්නා වූ තවත් සාක්ෂ්‍යකි 


එහෙය්න් මෙම සිනමාපටය හා මෙහි තිරපිටපත ඉතාමත් සාර්ථක බව මා පවසනු කැමැත්තෙමි එසේම සිනමාපටය පිලිබඳ ව නැරඹීමෙන් අනතුරුව විවරණය  කිරීමේදී ඔබ නිසැකව විවරණය  ඇරඹීම අරඹයා සිනමාපටයේ කතාන්දරයට අවධානය යොමු කරන්නේ කොතැනින්ද  යන්න වික්ෂිප්ත වනු නිසැකය . මන්ද යත් මාහටද සටහන ඇරඹීමට පෙර විවරණය  උදෙසා අවධානය යොමු කිරීමට උචිත දෘෂ්ටි කෝණයක් සෙවීමේදී එක්තරා ආකාරයක  උභතෝකෝටිකයකට මුහුණ පෑමට සිදු වූ හෙය්නි එතරම්ම සිනමාපටය විහිදී  ගිය සමාජ විචාරයකින් යුක්තය තිර පිටපත රේඛීයව ගලා නොයන හෙය්න්  විචාරයට අවශ්‍ය අඩුම කුඩුම බොහෝය 


මෙය බාලවයස්කාරියකගෙ අපයෝජනයක් කර්ණ කොට ගනිමින් විකාශනය වන හෙය්න් ඔබ දැනටම මෙය අපරාධයක් උදෙසා ක්‍රියාත්මක වන නීති පද්ධතියක් දැඩි ලෙස විවේචනය කරන්නා වූ සිනමාපටයක් ලෙස නීර්ණය කරන්නට ඇත එය නිවරදි නැත  සිනමාපටයේ අරමුණ නීතිය විවේචනය නොවේ නමුත් තිර පිටපත් කරු  ඉතාමත් අපූර්ව ලෙස ප්‍රධාන කතාන්දරය තුල නීතිය සියුම්ව විවේචනය කරන්නට යෙදෙය්  එය අගය කල යුතුය  "Hope" සිනෙරුව බාලවයස්කාරියකගෙ අමානුෂික අපයෝජනයෙන් පසු ඈ ඇගේ මානසික සුවය සලස්වා ගැනීම මානසිකව යථා තත්වයට පත් වීම විකාශනය කරන්නා වූ සියුම් විග්‍රහශීලී සිනමාපටක්  වන අතර පවුලක සහ මිතුරු ප්‍රජාවක එවැනි වාතාවරණයක හැසිරෙන අන්දම අපූර්ව ලෙස ග්‍රහණය කර ගනිමින් විග්‍රහ කරන්නකි නියත වශයෙන්ම බොහෝ ප්‍රේක්ෂකයා මෙය සංවේගීව නෙත් කදුලින් තෙත් කරමින් ආත්මීය කරගන්නා මෙය සමාජයක් පවුලක් උදෙසා ලබා දෙන්නා වූ චරිත සහතිකයක් වැන්න. 


මෙම සිනමා වියමන එතරම් හොඳින් විකාශනය වීමට මා හේතු ලෙස දක්වනු කැමති වන්නෙ හේතු වන්නේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය වූ සියුම් විග්‍රහශීලී විචක්ෂණශීලී  තිර පිටපත සහ අති විශිෂ්ට ගනයේ රංගන දායකත්ව සමූහයය්. සිනමාපටයෙහි තිරපිටපත  චරිත හැඳින්වීම උදෙසා යම් වැඩිකාලයක් ගන්නා අතර මෙම සිනමාපටය ට වස්තු බීජය වූ දරුණු අපරාධය කෙසේ සිදුවන්නේදැය් කෙලෙසක සිදුවන්නේදැය්  ඔබ නිසැකවම වික්ෂිප්ත වනු ඇත. නමුත් තිර කතා කරු එකී සංවේදීතාවෙන් යුතු වස්තු විෂය වෙත අඩුම කුඩුම සපයමින් සියුම්ව ළඟා වීම මෙහි තිරපිටපත් කරුගේ ප්‍රතිභාවය්  ඔහු මෙහි සැම විටම විග්‍රහයට උත්සාහ දරණුයේ අපරාධයේ අවශේෂයන් උද්ගත කරන්නා වූ ශෝකීත්වය වන හෙය්න්  තිර පිටපත් කරු වස්තු විෂය විග්‍රහ කිරීම ඇරඹීමෙන් පසු සිනමාපටය නරඹන්නා කෙමෙන් කෙමෙන් අධික ලෙස සංවේදීව තෙත් වූ දෙඇස් ඇතිව සිනමාපටය නරඹනු ලබය් රෝහලේදී රුධිරයෙන් වැසී ඇති සො වින් දැකීම, ඇගේ ශරීරයේ වූ ස්ථිර තුවාල  නිසාවෙන් ශෝකීයව වැලපෙන ඇගේ පියා මෙන්ම මව , දියණිය ඉදිරියේ සිය කදුලු මහත් ආයාසයකින් යුතුව සගවා ගන්නා පියා ගේ දර්ශනය ප්‍රේක්ශකයා සිනමාපටයේදී අධික ලෙස සංවේදී වන දර්ශනයන්‍ ය. මෙහි සියලුම දර්ශන ඉතාමත් ප්‍රබලය. ඉතාමත් විග්‍රහශීලී මෙන්ම විචක්ෂණශීලී ය ඉන් ප්‍රේක්ශකයා එම සිනමාපටය විග්‍රහ කරන්නා වූ වපසරිය තුල ඛේදයේ යා හැකි දුර කෙතෙක්ද  . සංවේදීත්වය තුල යා හැකි දුර කෙතෙක්ද යන්න වචනයෙන් පැවසිය නොහැක්කකි එය සිනමාපටය  නරඹා අවබෝධ කරගත යුක්තකි.


"Hope" සිනමාපටයෙහි චරිතයන්හි විශේෂත්වය වන්නෙ මෙහි එක් පුද්ගලයෙකුවත් පරිපූර්ණ නොවීමය් . ඔවුන්ගේ සුලු සුලු අත්වැරදීම් පවා මෙහි උද්ගත වන වාතාවරණය උදෙසා බලපෑම් කරන්නා අයුරු මෙහි තිරපිටපත් කරු ඉතාමත් සූක්ෂම ලෙස ග්‍රහණය කර ඇති අයුරු අපූරුය. මින් මෙහි සියලුම චරිත අතිශයින් විනිවිඳභාවයෙන් යුතුවන අතර එම චරිත වල විවෘත භාවය ප්‍රේක්ශකයා චරිත හා බැදී පැවතීමටත් එම චරිත දෙස සංවේදී ව බැලීමටත් පොළබවය්  මෙහිදී  මෙහි ඒ විශිෂ්ට චරිත නිරූපණයට දායක වූ විශිෂ්ට රංගන ශිල්පීන් ට ප්‍රශංසා නොකර කෙසේද ඔවුන් හටද සියලු ගෞරව ලබා දිය යුතුය. ඔවුන්ව නිසි පරිදි මෙහෙයවනු ලැබූ මෙහි සියුම් අධ්‍යක්ෂණය හටද එම ගෞරවය ලැබිය යුතුමය ඔහු ඉතාමත් සූක්ෂම ලෙස රංගන ශිල්පීන් මෙහෙයවා ඇත . 


මෙහි ප්‍රධාන චරිතය හොබවනු ලබන්නා වූ කුඩා රංගන ශිල්පීනිය හට විශේෂ ප්‍රශංසාවක් ලබා දිය යුතුය. සෑම විටම සියුම් රංගන වින්‍යාසයක් ප්‍රකට කරන ඈ විසින් මෙහිදී ප්‍රකට කරන රංගන ප්‍රතිභාව අනගිභවනීය වේ. මෙම සිනමාපටයේ ප්‍රාණ වායුව වන්නෙ ඇයය්. ආරම්භයේ දී ඇය තරමක් ව්‍යාජ රංගනයක් නියැලෙන්නියක් ලෙස ප්‍රේක්ශකයන්ට පෙනීමට ඉඩ ඇත මන්ද ඇය ඇගේ වයසට වඩා පරිණත ලෙස හැසිරෙන බවක් පෙනෙන නිසාවෙනි  නමුත් එය එතරම් තැකිය යුක්තක් නොව ඒ ඇගේ රංගන වින්‍යාසයේ අපූර්ව භාවයය් නමුත් විශේෂයෙන් සංවේදී ශෝකී දර්ශන නිරූපණය  අතරතුර ඇය ඉතා සියුම් වින්‍යාසයක් ප්‍රකට කරවය් ඒ ඇගේ රංගනයේ අපූර්වජනකය භාවයය්. 


මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා හටද නිර්ලෝභී ව ප්‍රශංසා කලයුතුය. ඔහු පියානෝ නාදරටා ඉතාමත් සියුම්වත් හැගීම්බරවත් මෙහි යොදා ගත් අයුරු අපූර්ව ය. සිනමාපටයේ සංවේදී දර්ශන තුල ඔහු විසින් සංගීතය තුලින් ලබාදෙන සහය තීව්‍ර වේ. මෙහි සංවාද රචනයද ඉතාමත් ප්‍රබල වේ කතාන්දරයේ හරයට ඉතාමත් සංවේදී ඉතාමත් සංයමයෙන් යුතු අති විශිෂ්ට සංවාද රචනයක් Hope සිනමාපටය සතුවේ. මා විසින් මෙහි වැඩිපුරම ප්‍රිය තාවයක් දැක්වූයේ මෙහි එකී අපූර්ව සංවාද රචනයටය්


Hope හි තිරපිටපත අතිශය විශිෂ්ට ලක්ෂණ වලින් ගහනය. මෙම සිනමාපටය මා ඉහත කී ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සාර්ථක සිනමාපටයක් උදෙසා වූ කියමන සනාත කරන්නක් බව මා ඉහත කීවේ එහෙය්නි මෙහි තිර රචනය මෙම සිනමාපටයේ බොහෝ අංශ සමඟ ඉතාමත් සංවේදී වේ . තිර පිටපත සැම විටම විවිධ කෝණවලින් සෝ වින් ගේ ශරීරයේ හා මනසේ කැලලි සුවකරන්නේ කෙසේද යන්න විචක්ෂණශීලී ව විමසනු ලබය් එපමණක් නොව සිනමාපටය ඇරඹුමේදී වැදගත් නොවන බව පෙනෙන චරිත සිනමාපටයට අවශ්‍ය චරිත ලෙස නැවත තිරයට සාර්ථක ව ගෙන එය්. තිර රචනය ඉතා විචක්ෂණශීලී හා සියුම්  වන අතර අඩු චරිත ප්‍රමාණයක් හා අඩු දර්ශන තල ප්‍රමාණයක් උපයෝගී කරගෙන ඇත. අනවශ්‍ය අතිරික්ත දර්ශන නොමැති අතර තිර කාලයෙන් උපරිම ඵල නෙලා ගනිමින්  ඉතාමත් සියුම්ව ගැඹුරු යතාර්ථය කියවීමක් වන මෙය අවසානයේ දී සංවේදී ප්‍රේක්ෂකයා ගැඹුරු ශෝකී බවක ගිල්වා තබන බවට මා ඔබට සහතික විය හැකි අතර එහෙයින් මෙය ඔබ කිනම් සිනමා ශානරයක හෝ කිනම් භාෂාවක සිනමාවක ප්‍රේක්ශකයෙකු වුවද  ඔබ ඇතුලු සියලුම සිනමා ප්‍රේක්ශකයා විසින් නිසැකවම  නැරඹීය යුතුම සිනමාපටයකි


සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය කර ඇති Hope සිනමා වියමන යනු යතාර්තවාදී ගැඹුරු සංවේදී හරවත් නිර්මාණයකි එසේම මෙයේ ඔබේ ආත්මය සංවේදීව  ආමන්ත්‍රණය කරන්නා වූ අති සංවේදී  සිනමාපටයක් ලෙස මාහට ශපථ විය හැක 


                                   සටහන - හිරුෂ කසුන්

Comments

Popular Posts